උපාලි කොළඹගේ
කොළඹ LNW:මේ අය වැය කළු සුදු අය වැයක් බව නම් බැලූ බැල්මටම පෙනෙනවා. සජිත් පාර්ශවය කියන තරම් නරක අයවැයක් හෝ මාලිමාවේ ගෝල බාලයන් කියන අන්දමේ විශිෂ්ට අයවැයක් වන්නේ ද නැත. වර්තමාන විරුද්ධ පක්ෂයෙන් විශේෂයෙන් සජිත් පාර්ශවයෙන් හොඳක් අහන්න නම් මේ කපේ දි හැකි වන්නේ වන්නේ නැත. සජිත්ලා ඒ තරමටම සම්ප්‍රදායික විපක්ෂ භූමිකාව ඉටු කරයි. අනාගතයේ පක්ෂ දේශපාලනයද වෙනස් විය යුතු බව මගේ පෞද්ගලික අදහසයි.
කෙසේ වුවත් ලාල්කාන්ත ඇමතිවරයා කියන අන්දමෙි වමේ අයවැයක් නම් කොහෙත්ම වන්නේ නැත. මෙය IMF අයවැයක් බව නමි සහසුද්දෙන්ම ප්‍රකාශ කළ හැක. එහි වරදක් නම් මා දකින්නේ නැත. විශේෂයෙන් රට දැන් පවතින තත්ත්වය අනුව මූල්‍ය අරමුලේ මඟ පෙන්වීම අනුව ක්‍රියා කරනවා හැර වෙනත් විකල්පයක් නැත.
නමුත් මට මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ අයවැයේ සමහර යෝජනා ඇස්බැන්දුම් තත්ත්වයේ පවතින බව කීමටය. එය IMF එකද ජනතාවද දෙගොල්ලන්මද ඇන්දවීමක් ලෙස සඳහන් කළ හැක. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම එක් උදාහරණයකි. පම්පෝරියේ තරමට නැති වුණ කිසියම් වැටුප් වැඩි වීමක් මෙහිදී සිදුවිය. පෞද්ගලික අංශයේ සේවක වැටුප් නැංවීම තවමත් යෝජනාවක් පමණි. එමෙන්ම පෞද්ගලික අංශයේ අඩුම වැටුප රු.27000 ට නංවන බවක්ද රාජ්‍ය සේවක අවම වැටුප රු.40000 දක්වා නංවන බව ද කියයි. මේ පරස්පරයම ඛේදවාචකයකි. ඒ ගැන මොන සමාජවාදියකුවත් අදහස් පළකරන්නේ නැත.
ආණ්ඩුවට ඕනෑ රාජ්‍ය සේවකයන්ට පොඩි අල්ලසක් දීම හා වැඩ කරන ජනතාවගේ වැටුප් නැංවූ බව ලෝකයටත් රටටත් කීමය. ඒ ගමන්ම රාජ්‍ය අංශය ප්‍රතිසංවිධානය කිරීමේ යෝජනාවක් ද ඉදිරියට එමින් පවතී.
අය වැයෙන් බදු ගැහුවේ නැතැයි ආණ්ඩුව පුන පුනා කීවද අයවැයට පෙර සියලු බදු ගසා අවසන්ය. ගුරු වැටුප් රාජ්‍ය වැටුප් පරිමාණයන්ගේ පස්වැනි තැනට ගෙන ආ බව කීවද ප්‍රායෝගික තලයේ මෙය ක්‍රියාත්මක වන්නේ කුමනාකාරයෙන්ද යන්න අවිනිශ්චිතය.
අනාගතයේ රජයට උසුලා ගත නොහැකි බරක් වනු ඇතැයි ආර්ථික විශේෂඥයන් අනුමාන කරනුයේ රාජ්‍ය සේවක වැටුප් බර හා එයර් ලංකා සමාගමට පණ දීමට යෝජිත අතිවිශාල මුදල් සම්බාරයයි. තත්ත්වය එසේ තිබියදී තවත් 30000ක් බඳවා ගැනීමට කරන යොජනාව කුමන පදනමක් මත සිදු කරන්නක්ද යන්න අපට නම් ප්‍රහේලිකාවකි .
කෙසේ වුවද මාලිමා රජයේ ප්‍රථම අයවැය ධන සෘණ දෙකෙන්ම යුත් අයවැයක් ලෙස හැඳින්විය හැක.
