අන්තර්කාලීන ආණ්ඩුව වෙනුවෙන් සංඝ සම්මුතියක් ?

Date:

අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ඉවත්කර අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම් සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත්කර සියලු දේශපාලනඥයින් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කරන බව ඊයේ (30) කොළඹදී සංඝ සම්මේලනයක් පැවැත්වූ මහා සංඝරත්නය දැනුම් දී තිබේ.

අගලකඩ සිරිසුමන හිමි, ඕමල්පේ සෝභිත හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා රැසක් විසින් කොළඹ නිදහස් චතුරස්‍රයේදී මෙම සංඝ සම්මේලනය පවත්වනු ලැබිණි.

මෙම අන්තර්කාලීන ආණ්ඩුව පිහිටුවීම වත්මන් ආණ්ඩුවේම ප්‍රබලයින්ව සිට මෑතකදී පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, විමල් වීරවංශ. උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන හිටපු ඇමතිවරුන් ඇතුළු ආණ්ඩුවේ කුඩා පක්ෂ සන්ධානය විසින් ඉදිරිපත් කළ යෝජනාවක් වේ. රටේ ජනතාව වීදිබැස ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් වුවත් මේ අන්තර්කාලීන ආණ්ඩුව යෝජනා කරන විමල්, ගම්මන්පිල, වාසු ඇතුළු කණ්ඩායමේ දැඩි මතය වී ඇත්තේ කිසිසේත්ම ගෝඨාභය රාජපක්ෂ මහතා තනතුරින් ඉවත් නොවිය යුතු බවට ය.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවට මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්ම අගමැතිවරයෙකු පත්කරගෙන පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂවල කිහිපදෙනෙකුටත් ඇමතිකම් ලබාදී ආණ්ඩුවක් පිහිටුවීමට කෙරෙන මේ යෝජනාව මේ වීදිබැස සිටින ජනතාව කිසිසේත් පිළිනොගනු ඇති බව පෙනේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...