සිංගප්පූරුව අර්ජුන මහේන්ද්‍රන්ව එවන්න බෑ කියයි. මංගල උත්සවයකට ගිහින් පැනපු කතාවත් බොරු – අර්ජුනම කියයි !

Date:

මහබැංකු බැඳුම්කර වංචාව නමින් ප්‍රකට වූ බැඳුම්කර ගනුදෙනුව සිදුවී අදට (27) වසර 10ක් ගතවී තිබේ.

දේශපාලන වේදිකා තුළ මහත් ආන්දෝලනයට ලක්වූ මෙම බැඳුම්කර ගනුදෙනුව ආණ්ඩු පෙරළිවලට ද හේතුවක් විය. බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරු වන හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙරටට රැගෙනවිත් ඔහුට දැඩි දඬුවම් පමුණුවන්නේය යන්න වත්මන් ආණ්ඩුවේද ප්‍රධානතම මැතිවරණ පොරොන්දුවක් වී තිබුණි.

කෙසේවෙතත් සිංගප්පූරු පුරවැසියකු වන අර්ජුන මහේන්ද්‍රන්ව උදර්පණ නීති යටතේ ශ්‍රී ලංකාවට භාරදෙන ලෙස ශ්‍රී ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුව කර ඇති ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට සිංගප්පූරුවේ නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව අද වනවිට වාර්තා වී තිබේ.

මේ සම්බන්ධයෙන් සිය තීරණය සිංගප්පූරුවේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් ලිඛිතවම නිකුත් කර ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

මීට හේතුවූ නීතිමය කරුණු පිළිබඳව අප කළ විමසීමකදී අපට දැනගැනීමට ලැබුණු දෑ අනුව තත්වය මෙසේය …,

ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර වෙන්දේසි කිරීමේ කටයුතු සිදුකෙරෙන්නේ ස්වාධීන ටෙන්ඩර් මණ්ඩලයක් විසිනි. ඉහත නඩුවට පදනම් වූ බැඳුම්කර වෙන්දේසියේදී අර්ජුන් මහේන්ද්‍රන් සිදුකර ඇත්තේ මහබැංකු අධිපතිවරයා වශයෙන් එම ටෙන්ඩර් මණ්ඩලයේ තීරණයට අපරානුමැතිය ලබාදීම පමණක් බව ඔහුගේ පාර්ශ්වයේ නීතීඥවරුන් විසින් දැනුම් දී ඇත. මෙම ගනුදෙනුවේදී වංචාවක් සිදුව ඇත්නම් අදාළ ටෙන්ඩර් මණ්ඩලයට නඩු පවරා නැත්තේ ඇයිද යන්න සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානයට යොමුව ඇත. ඒ අනුව මෙය දේශපාලන පළිගැනීමක් බවට අර්ජුන මහේන්ද්‍රන්ගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කර ඇති කරුණු පිළිගෙන, ඔහුව ශ්‍රී ලංකාවට භාරනොදීමට සිංගප්පූරු බලධාරීන් තීරණය කර ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.

මංගල උත්සවයකට ගිහින් අතුරුදන් වුණු කතාව බොරුවක්

මේ අතර, LNW වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා පැවසුවේ තමන් විවාහ මංගල උත්සවයකට සහභාගී වීම සඳහා සිංගප්පූරුවට යන බව කියමින් රටින් පළාගිය බවට වත්මන් ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයින් ඇතුළු පිරිස් කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍යය බවයි.

අදාළ විවාහ මංගල උත්සවයට සහභාගී වී තමන් නැවත ශ්‍රී ලංකාවට පැමිණි බවත් එසේ පැමිණ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කළ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි බවත් පැවසූ ඒ මහතා දේශපාලනඥයින් මේ සම්බන්ධයෙන් කරන ප්‍රකාශ බොරු බවත් පැවසීය.

එසේ ශ්‍රී ලංකාවට තමන් පැමිණි අවස්ථාව ඇතැම් රූපවාහිනී නාලිකා මගින් ද විකාශය කළ බවත් අර්ජුන මහේන්ද්‍රන් මහතා සිහිපත් කළේය.

ඉන් අනතුරුව තමන් ශ්‍රී ලංකාවෙන් පිටවුණේ කේ. ටී. චිත්‍රසිරි සහ ප්‍රසන්න ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලෙන් අවසර ලබාගෙන බව පැවසූ ඒ මහතා මෙම සිද්ධිය දේශපාලන පළිගැනීමක් දක්වා වර්ධනය වූ බැවින් තමන්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි තත්වයක් නිර්මාණය වූ බවත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...