නාමල් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙනෙන්න සැරසෙයි!

Date:

කොළඹ LNW:මන්ත්‍රී වරප්‍රසාද අවභාවිතා කරමින් පාර්ලිමේන්තුව තුළ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම වළක්වාලීම සඳහා ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් එය නතර කිරීම සඳහා තමන් පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

එම යෝජනාව සඳහා අසත්‍ය ප්‍රකාශ සිදුකරනවාට අකමැති සියලුදෙනා ඡන්දය භාවිතා කරනු ඇති බවයි මන්ත්‍රීවරයා කියාසිටින්නේ.

පාර්ලිමේන්තුවතුළ අසීමිත ලෙස බොරු කියන බවත් මන්ත්‍රී වරප්‍රසාද යටතේ එය සිදුකරන බවත් ඔහු කියාසිටියි.

”ඒක දීලා තියෙන්නේ ජනතා ප්‍රශ්න ඇති සැටියෙන් කියන්න මිසක් බොරු කියන්න නෙමෙයි. එය වෙනස් විය යුතුයි. ඒක අවභාවිත කරනවා නම්, ඒ සඳහා ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හරි ගෙනල්ලා ඒක වෙනස් කරන්න කටයුතු කරනවා. අපි බලමු පාර්ලිමේන්තුවේ බොරු කියනවාට 225න් කී දෙනෙක් විරුද්ධ ද කියලා. අපි ඇත්ත කතා කරනවා නම් අපිට ඒ අයිතිය ඕනේ නෑනේ. මට ඕනේ නෑ. මම පාර්ලිමේන්තුවේ දීවත් එළියේවත් මම නොකරපු දෙයක් කියන්නෙත් නෑ, කරන්න බැරි දෙයක් කියන්නෙත් නෑ සහ තව කෙනෙක්ගේ චරිතය මම ඝාතනය කරන්නෙත් නෑ. ජනතාව මුලා කරන අය මේකට විරුද්ධ වෙයි.” යනුවෙන් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...

කාන්තා පාපන්දු පරාජයන් හී ඇත්තේ දොස්වලට වඩා හිස්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු කුසලාන...

කහවත්තේ තරුණයින් දෙදෙනෙකුට වෙඩි. එක් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කහවත්ත, යාඉන්න ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ...