පෙබරවාරියෙත් සංචාරක වාර්තාවක්!

Date:

කොළඹ LNW:පසුගිය පෙබරවාරි මාසයේ 232,000 ඉක්මවූ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව 2025 පෙබරවාරි 01වනදා සිට 27වනදා දක්වා කාලය තුළ සංචාරකයන් 232,341ක් දිවයිනට පැමිණ තිබේ.

ඉන් වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් පැමිණ තිබෙන අතර එම සංඛ්‍යාව 34,006ක් ලෙස දැක්වෙයි.

රුසියාවෙන් සංචාරකයන් 29,241ක් සහ එක්සත් රාජධානියෙන් සංචාරකයන් 24,830ක් පැමිණ ඇති අතර ඒ අනුව මෙම වසරේ මුල් මාස 2 තුළ මෙරටට සංචාරකයන් 485,102ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

2025 වසරේදී විදේශීය සංචාරකයන් ලක්ෂ 25ක් ශ්‍රී ලංකාවට ගෙන ඒමට සැලසුම් සකස් අකර තිබෙන අතර එම ආදායම ඇමරිකානු ඩොලර් බිලියන පහක ඉලක්කයක් බවට වත්මන් රජය මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටිල්වින් සිල්වාට ආරක්ෂාව දෙන්නේ එයත් පාතාලේද?

කොළඹ LNW: බලය ලබා ගැනීමට පෙර පැවසුවේ ආරක්ෂාව අවශ්‍ය...

පොදු දේපල අවභාවිතය:රනිල්ගේ නඩුව කල් යයි!(PHOTOS)

කොළඹ (LNW): පොදු දේපල අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

කෘත්‍රිම බුද්ධිය සමඟ එක්කාසු වෙන්නට යන තාක්ෂණික දැවැන්තයා – Amazon

සටහන – පුලී ඔක්තෝම්බර් 29, කොළඹ (LNW): කෘත්‍රිම බුද්ධිය (AI) මගින්...