මාර්තු ආරම්භයේම කොටස් වෙළඳපොලේ දැවැන්ත පල්ලම් බැසීමක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මාර්තු මාසයේ ගනුදෙනු සිදුවුණු පළමු දිනය වූ ඊයේ (03) දිනයේදී කොළඹ කොටස් වෙළඳපොල දැවැන්ත කඩාවැටීමක් පෙන්නුම් කළේය.

ඊයේ දිනයේ ගනුදෙනු අවසන් වෙද්දී සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 311.37 කින් පහළ ගොස් එහි අගය ඒකක 16167.30ක් වශයෙන් දැක්වුණි. එය ප්‍රතිශතයක් වශයෙන් 1.89% ක පහළ බැසීමකි.

එසේම S&P SL20 මිල දර්ශකය ද ඊයේ දිනයේදී ඒකක 103.96 කින් පහළ බැස තිබුණු අතර එහි අගය දැක්වුණේ ඒකක 4827.21 ක් වශයෙනි. එය 2.11% ක පහළ බැසීමකි.

ගතවූ මාසයක කාලයක් තුළ සමස්ත ගනුදෙනු දෙස බැලීමේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 1000 කට ආසන්න ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බව පෙනේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙදර නාය ගිය කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...

UNDP දෑත් මෙරට විපතට පත්වූවන් දෙසට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : මෙරට සිදුවූ...

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : අද රාත්‍රී 11.00...