මනුදිට සහ චේතනාට ජාත්‍යන්තර එක්දින වරම්

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 04, (LNW)කොළඹ

අද ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවත්වෙන එක්දින තරගාවලිය අරඹමින් පැවත්වෙන පළමු එක්දන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මනුදි නානායක්කාර සහ චේතනා විමුක්ති පළමු වරට ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන්නට සුදුසුකම් ලබා ගත්තා.


මනුදි අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමෙ නායිකාව ලෙස දක්වන දක්ෂතා නිසා මේ අවස්ථාවට හිමිකම් කියූ අතර තවමත් 17 හැවිරිදි ඇය මොරටුව වේල්ස්කුමරි විද්‍යාලයේ සිසුවියක වෙනවා.පිකිනාරිණියක ලෙස මෙන්ම අවශ්‍යය මොහොතකදී මඳ වේග පන්දු යවන්නියක ලෙස ද කැපී පෙණෙන දක්ෂතා දක්වා ඇති මනුදි,ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත බලාපොරොත්තු අතර ඉදිරයෙන්ම සිටින ක්‍රීඩිකාවක වෙනවා.
චේතනා මොණරාගල දිස්ත්‍රික්කයෙන් ක්‍රිකට් පිටියට පිවිසෙන ක්‍රීඩිකාවක් වන අතර ඇය අධ්‍යාපනය ලද පාසල වන්නේ පැල්වත්ත නවෝද්‍යා පාසලයි.වර්ථමානයේ ශ්‍රී ලංකාවේ සිටින ක්‍රිකට් ක්‍රීඩිකාව් අතරින් වේගවත්ම පන්දු යවන්නියක වන චේතනා,නවසීලන්ත වේග තණිතීරුවලදී ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල ශක්තියක් විය හැකි ක්‍රීඩිකාවකි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...