*
Tuesday, March 4, 2025
spot_img

Latest Posts

වෙළද සේවා වොලිබෝලයේ අලුත් වැඩ එක්ක විදේශිකයන්ටත් ඉඩ

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 04, (LNW)කොළඹ

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඉතිහාසය පිළිබඳ විමසා බලන කළ ක්‍රීඩාවන් හී ප්‍රගතියට ක්‍රීඩාවට අදාළ වෙළද ක්‍රිඩා සංගම්වලින් ලැබී ඇති සහය පහසුවෙන් අමතක කිරීමට නොහැකිය.1977 පත් වූ ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව සමඟ පෞද්ගලික අංශය සඳහා විවෘත ආර්ථික ක්‍රමය වෙනුවෙන් වැඩි අවස්ථාවක් ව්‍යාපාර සඳහා හිමි වුණත්,ක්‍රීඩාව සහ වෙළද ආයතන සමඟ වූ බැදීම හීන්වීමක් සිඳු විය.වර්ථමානය වන විට බොහෝ ක්‍රීඩාවල වෙළඳ අංශය යනු ආයතනවලට සල්ලි තිබුණ ද ක්‍රීඩාව පැත්තෙන් ගත් විට දුප්පත් දායකත්වයක් පෙන්නුම් කරන්නක් බව කිව යුතුය.


රාජ්‍ය අංශයෙන් හමුදාවලට වෙන් කෙරෙන ඉඩ මෙන්ම යුදමය වාතාවරණය මත එයට ලැබුණු සමාජ පිළිගැනීමේ තත්ත්වය යම් දේවමය සැළකිල්ලක් දක්වා වන අදේශපාලනික නැඹුරුවක් ඇති වූ පසුව,එම ආයතනික ව්‍යහුයන් තුළ ගොඩනැඟුණු ආධිපත්‍යය වෙනදාට වඩා ක්‍රීඩාවට වැය කළ හැකි පසුබිමක් සකස් කරන්නට සමත් විය.ඒ නිසා බොහෝ දක්ෂ ක්‍රීඩකයන්ට ක්‍රීඩාවට අවකාශ සාදා ගැනීමට එම අවස්ථාවෙන් ප්‍රයෝජන ලැබිණ.එසේම එක ඉසව්වක් වෙනුවෙන් සිටින දක්ෂයන් වැඩිපුර ඒ වෙත ගාල් කර ගැනීමේ ක්‍රියාවක් ද දකින්නට ලැබෙන අතර ඒ අනුව සමහර දක්ෂයන්ට වැටුප් ලබන ක්‍රීඩා සංචිතවල සාමාජිකයෙකු ලෙස බොහෝ කාලයක් හෝ සිය ක්‍රීඩා ජීවිතයම තරග වැදීමෙන් තොරව ගෙවා දමන්නට වන අවස්ථා ද ඇති විය හැකිය. ඒ නිසා වෙළද සේවා ක්‍රීඩාවන් නැවත දියුණු කිරීම සඳහා රාජ්‍යමය ප්‍රතිපත්ති මත සිඳුවන මැදිහත්වීමක් සහ දිරි ගැන්වීමක් ඇති වන්නේනම් එම තරගකාරීත්වය වැඩි යහපතක් ක්‍රීඩාවට ඇති කරනු ඇත.
මේ තත්ත්වය සැළකිල්ලට යොමු කර රජය විසින් ක්‍රීඩාවන් සඳහා මැදිහත් වන වෙළද ආයතනවලට ඒ දායකත්වයේ ප්‍රමාණය මෙන්ම කුසලතාවය අනුව ද යම් ආර්ථික සහනයක් ලබා දෙන වැඩ පිළිවෙලක් සකස් කර ගත හැකිනම් එය ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද යහපතක් වනු ඇත.ඒ යහපත් තත්ත්වය නොමැතිව වුව ක්‍රීඩාව වෙනුවෙන් දායකත්වය දක්වද්දී ක්‍රිකට් වැනි ක්‍රීඩාවකට ඇති වානිජමය ප්‍රචාරන වටිනාකම වෙනත් ක්‍රීඩා සඳහා නොමැතිව තිබියදීත්,එවැනි ක්‍රීඩාවලට යොමුවන ආයතන දක්වන දායකත්වය වෙළද අරමුණු ඉක්මවා ගිය යහපත් බව මුසු වූ වැඩි ඉහළෙන් ඇගයිය යුතු වැඩකි.


ශ්‍රී ලංකා වෙළද සේවා වොලිබෝල් සම්මේලනය මීට වසර ගණනකට පෙර නැවත අවදිව පෙරට පැමිණෙමින් ලංකාවේ වොලිබෝලය මත යම් තීරණාත්මක බලපෑමක් ඇති කළ බව පිළිගත යුතුය.ඇගළුම් කේෂ්ත්‍රය සහ තවත් ව්‍යාපාරික කේෂ්ත්‍රයන්හී කණ්ඩායම් ජාතික මට්ටමෙන් බලපෑම් එල්ල කරන තත්ත්වයට පත්වීම සිඳු වී ඇත්තේ ඒ වෙනස්කම හේතුවෙන්ය.තරගාවලියේ භාහිර පෙණුමේ සිට ඇති කරන ආකර්ශණයේ සිටම වටිනා ත්‍යාග මුදල් පිරිනැමීම දක්වා ඇති කරන ලද එම නැම්ම අද වන විට ජාතික වොලිබෝලය අලුත් කරන අභ්‍යන්තරයෙන් ක්‍රීඩක දක්ෂතා ඉහළ නංවන වැඩ පිළිවෙලකට තල්ලු වෙමින් තිබෙන බවක් දැකිය හැකිය.


මෙවර වෙළද සේවා වොලිබෝලය තව දුරටත් ලාංකේය වොලිබෝලය අර්ථාන්විතව සහ ගුණාත්මකය ඉහළට යොමු කිරීමේ යැඩ සැළසුමකට තල්ලු වෙමින් ඇත.ඔවුන් ඉකුත් වසරේ වයස 40 න් ඉහළ කණ්ඩායම්වලට ක්‍රීඩා කරන්නට අවස්ථාව සළසා දුන් අතර එය පිරිමි කණ්ඩායම්වලට සීමා වූවත් මෙවර එය කාන්තා කණ්ඩායම්වලට ද සහභාගි විය හැකි අයුරෙන් පළල් කර ඇත.


මෙහි වැදගත්ම කාරණය මේ කණ්ඩායම්වලට එම වයස් ඛාණ්ඩවලට අදාළව භාහිර ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක ඇතුළත් කර ගැනීමට ලැබෙන ඉඩය.මේ කාරණය ක්‍රීඩාවට තාර්කිකව සම්බන්ධ වන සමාජ දේශපාලනික කියවීමක්ය.අවුරුදු 40 න් ඉහළ වන විට ගෙවුණු ඉතිහාසය නිරීක්ෂණය කරද්දී වෙළද සේවා වොලිබෝලය ඉහළ මට්ටමක නොතිබිණ.වරින් වර රැලි පැමිණිය ද ඒවා එතරම් සාධනීය ලෙස ශ්‍රී ලංකාවේ වොලිබෝල් පෝෂණය කරන්නට ඉවහල් නොවිණි.ඒ නිසා 40 න් ඉහළ ලෙස පවතින වොලිබෝලයේ වෙළද සේවා ප්‍රජාව අතරේ දක්ෂතා පුළුල් විදිහට පැතිරුණු ස්වභාවයක් තිබිය නොහැකිය.ඒ ඉතිහාසය තුළ ලංකාවේ වොලිබෝලය තුළ දක්ෂතා දැක් වූ යම් සීමිත පිරිසකට අවස්ථාවක් දීම මෙන්ම කෘතවේදීව කරන ආරාධනයකට වෙළද සේවා කණ්ඩායම් උත්තේජනය කිරීමක් ලෙස මෙම 40 න් ඉහළ ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට අවස්ථාව ලබා දීම අගය කළ යුතු වන්නේය.


එසේම සුපර් ලීග්,සූරතාවලිය සහ ඒ කාණ්ඩයේ කණ්ඩායම්වලට සහ අවුරුදු 40 න් ඉහළ මාස්ටර්ස් ලෙස කාණ්ඩ හතරක් යටතේ ක්‍රියාත්මක වන මෙවර තරගාවලිය තුළ ඇති විශේෂතම කාරණය සුපර් ලීග් කාණ්ඩයේ කාන්තා සහ පිරිමි කණ්ඩායමකට සිය වෙළද ආයතනයේ නොවන දක්ෂයෙකු කණ්ඩායමට වෘත්තීය මට්ටමෙන් කැඳවා ගැනීමට ලැබෙන ඉඩය.එය විදේශිකයෙකු දක්වාම පුළුල් කරන්නට ද හැකියාව ඇත.
මේ වන විට ශ්‍රී ලංකාවේ ද වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම සිටන අතර විදේශීය ක්‍රීඩක සබඳතා ද සකසා ගැනීමේ පහසුකම් ඉහළ ගොස් ඇත.මෙම වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයෙකුගේ දායකත්වය යනු අතිශයින් වැදගත්ය.එම අත්දැකීම් සහ දක්ෂතා පළමුව කණ්ඩායමක් තුළ හුවමාරු කර ගැනීමට ඉඩ ලැබෙන අතර දෙවනුව තරගාවලිය තුළ තරග වඳින කණ්ඩායම් තුළ හුවමාරු වන්නේය.ඒ නිසා සුපර් ලීග් තරගාවලියේ වෘත්තීය ක්‍රීඩකයා හෝ වෘත්තීය ක්‍රීඩිකාව ලෙස කණ්ඩායමකට එක් වන අය,සමස්ත ලාංකේය බැඩ්මින්ටන් ක්‍රීඩාවටම බලපාන ගුණාත්මක සාධකයක් බව පැවසිය යුතුය.


පෙබරවාරි 22 වන දින කොළඹ ඔලිම්පික් මන්දිරයේදී පැවැත් වූ වෙළද සේවා වොලිබෝල් සම්මේලන නිලවරණයේදී,තිලක් තිලකරත්න සහ ඒ.එස්. නාලක පිළිවෙලින් සභාපති සහ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස පත්වීමෙන් ඉනික්බිති, වෙළඳ අංශයේ සංවිධානවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර දක්ෂ හා ජවසම්පන්න විධායක කමිටුවකින් ද පෝෂණය වෙමින් මේ වැඩ පිළිවෙල මේ වන විට ඉදිරියට තල්ලු වෙමින් ඇත.එහි මල්පල දැක ගැනීම සඳහා 2025 අගෝස්තු / සැප්තැම්බර් මාසයේ මූලික තරඟ සහ අවසන් තරඟ සඳහා තාවකාලික දින නියම කර තිබේ.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan