රියල් වේල්ස් කුමාරයා වුණු මයිකල් ෂීන්!

Date:

සටහන – පුලී
මාර්තු 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 හොලිවුඩ් නළු මයිකල් ෂීන් තම පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් පවුම් 100,000ක් යොදා ගනිමින් පවුම් මිලියනයකගේ ණය කපා හැරීමට කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ සඳහා මයිකල් ෂීන් දකුණු වේල්සයේ 900 දෙනෙකුට උපකාර කිරීම සඳහා ණය ලබා ගැනීමේ සමාගමක් ආරම්භ කර තිබේ. ලබන සතියේ විකාශය වීමට නියමිතව ඇති Michael Sheen’s Secret Million Pound Giveaway නම් නව චැනල් 4 වැඩසටහනක මේ පිළිබඳව ලේඛනගත කර ඇත.

සමාජයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ගේ සමහර බැංකු සහ මූල්‍ය සමාගම් ලාභ ලබන ආකාරය හෙළිදරව් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

මීට අමතරව ඔහු සඳහන් කර ඇත්තේ, වටේ විසි කිරීමට තරම් තමා සතුව පවුම් 100,000 ගණන් නොමැති බවත් එම නිසා මෙම ව්‍යාපෘතිය ඵලදායී වීමට අවශ්‍ය බවත් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැංකු හා මූල්‍ය ආයතන අසාධාරණ ලෙස පොලී අයකරනවාද? එහෙනම් මෙහෙම කරන්න

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

GMOA සහ ජනපති අතර හදිසි සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත...

ජාතික රෝහලේ ප්‍රධාන කාර්යාලයට වෛද්‍ය බෙල්ලන කුසලානය

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයට...

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...