දැන් ලංකාවේ ජේශ්ඨ පුරවැසියෝ ඉන්නේ කබලෙන් ළිපට වැටිලා – ජන අරගල සන්ධානය

Date:

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු සඳහා ලබාදුන් 15% පොලිය කප්පාදු කිරීම සහ With holding tax හරහා එම ගිණුම් හිමියන් තව තවත් පීඩාවට පත් කිරීමට එරෙහිව ” ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සාමූහිකය “ඊයේ (2025 – 03 – 04 ) දින පස්වරු 2.30ට කොළඹ ලයන්ස් ක්ලබ් හිදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවන ලදී.

එහිදී අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික නීතිඥ නුවන් බෝපගේ,

    " ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බහුතරයක් ජීවත් වෙන්නේ බැංකු ගිණුමක තැන්පත්කළ ස්ථාවර තැන්පතුවකින් ලැබෙන පොලියෙන්. ඒ ජීවත් වීම කියන්නේ අධි සුඛෝපභෝගී ජීවතයක් නෙවෙයි. ඔවුන් කාලයක් යද්දි දියවැඩියාව  අධි රුධිර පීඩනය කොලොස්ටරෝල් වැනි රෝගවලට ගොදුරු වෙනවා. ඒ ලෙඩවලට අත්‍යාවශ්‍ය ඖෂධ ගන්න එක, සුදුසු පෝෂ්‍යදායක ආහාර වේලක් ගන්න එක වගේ දෛනික අවශ්‍යතා ඔවුන් සම්පූර්ණ කරගත්තේ මේ පොලියෙන්. මේ ජේශ්ඨ පුරවැසියන්ගේ අවශ්‍යතවය ගැන සමාජයේ ආව සාකච්ඡාව එක්ක තමයි පැවති ආණ්ඩුවලට ජේශ්ඨ පුරවැසි තැන්පතු සඳහා දෙන පොලිය 15% වේ සීමාවට ඉහළ දාන්න වුනේ. නමුත් පසුව ආර්ථික අර්බුදය දඩමීමා කරගෙන ඒ පොලිය 8% දක්වා කප්පාදු කලා. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි එක්ක. මේ අසාධාරණ වැඩපිළිවෙළ එතනින් නැවතුනේ නෑ. ඊටපස්සෙ හඳුන්වා දුන්න WIth holding tax එක හරහා  ජේශ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් ගිණුම්වලට තවත් විශාල ප්‍රහාරයක් එල්ල වුණා. 

අපි අද ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම් සම්බන්ධ ප්‍රශ්නය වෙනම කතාකරන්න හේතුවක් තියනවා. මේ බදු ප්‍රතිපත්තිය නිසා දෙවතාවක් පීඩාවට පත් වෙනවා. මුලින්ම ඔවුන්ගේ තැන්පතු සඳහා ලබාදෙන 15% පොලිය 8% දක්වා අඩු වුණා. දැන් රැඳවා ගැනීමේ බද්ද හරහා ජේශ්ඨ පුරවැසියන්ගේ ඉතුරු සොච්චමත් සූරාගැනීමකට ලක් වෙනවා. දැන් ලංකාවේ ජේශ්ඨ පුරවැසියෝ ඉන්නේ කබලෙන් ළිපට වැටිලා.

 අපි ආණ්ඩුට කියනවා මේ ප්‍රශ්නය සුළුවෙන් හිතන්න එපා. මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් තමයි රටේ ආර්ථිකයේ බර මෙච්චර කාලයක් ඇද්දේ. ඔවුන් ආර්ථික අර්බුදයට වගකිව යුතු නෑ. ආර්ථික අර්බුදයට වගකියන්න ඕන පසුගිය ආණ්ඩු සහ මහාපරිමාණ චෞර ව්‍යාපාරික පැලැන්තිය. ඔවුන්ගේ වංචා දූෂණ සහ විනාශකාරී ආර්ථික ප්‍රතිපත්ති නිසා තමයි රට බංකොලොත් වුණේ. ඒ නිසා අර්බුදයේ බර ජේශ්ඨ පුරවැසියන්ගේ ඔළුවට අතහරින්න ආණ්ඩුවට කිසිම අයිතියක් නෑ. ඒ නිසා ආණ්ඩුවට අපි කියනවා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා පෙර ගෙවූ පොලිය නැවත ලබා දෙන්න කටයුතු කරන්න කියලා. මොකද රටේ බහුතරයක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නා. ඒ ඡන්දය දුන්නේ තමන්ගේ ප්‍රශ්නය ආණ්ඩුව ඒ බරින්ම ගනී කියන බලාපොරොත්තුවෙන්. ඒ නිසා ආණ්ඩුවට තවදුරටත් අයිතියක් නෑ මේ ප්‍රශ්නය මගහැරල යන්න. 

දැන් ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් පාර්ශව ජන බලය වගේ නම් දාගෙන අලුත් සංවිධාන හදාගෙන එක එක සෙල්ලම් දානවා. මේ මැතිවරණ දෙකේදි ආණ්ඩුවට ලැබුණේ ජන බලයක් තමයි. ඒ බලය තියාගෙන ආයෙ අමුතුවෙන් ජන බල කතා කිය කිය කාලේ නාස්ති කරන්න එපා. දැන් තියෙන්නේ ජන බලය පාවිච්චි කරල ජනතා අභිලාෂයන් ඉෂ්ට කළ යුතු වෙලාව. ඒක නිසා තවදුරටත් මේ රටේ ජනතාව ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නෙ සංදර්ශන නෙවෙයි. ජනතාවට ඕන තමනගේ ප්‍රශ්න විසඳන ආණ්ඩුවක්.

හැබැයි ආණ්ඩුව ඒ ජනතා අභිලාෂයන් මගහැරල තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යායපත්‍රයම ඉදිරියට ක්‍රියාත්මක කරන්න නම් ලෑස්ති වෙන්නේ. ආණ්ඩුව තවදුරටත් පීඩාකාරී බදු ප්‍රතිපත්තිය හකුළා ගන්න සූදානම් නැත්තං අපි සූදානම් මේ සම්බන්ධයෙන් බරපතළ විදිහට හඬ නගනවා. විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වෙන අසාධාරණයට එරෙහිව අපි හඬ නගනවා. සහ ඔව්න් එක්ක එකතුවෙලා මේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය පරාජය කරනතෙක් අඛණ්ඩව සටන් කරන්න අපි ලෑස්තියි කියන පණිවිඩයත් මේ වෙලාවේ ආණ්ඩුවට සහ රටේ ජනතාවට ලබා දෙනවා. “ ලෙස කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...

නැවත ඉරානයට බෝම්බ හෙලීමට දෙවරක් නොසිතන බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයට යුරේනියම් සැලකිය...