හිටපු පොලිස්පති දේශබන්දු හොයාගන්න මහජන සහය පතයි!

කොළඹ LNW:මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පිළිබඳ යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස පොලීසිය ඉල්ලීමක් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා අද (06) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට කණ්ඩායම් කිහිපයක් යොදවා පරීක්ෂණ සිදුකරන බවයි.

හිටපු පොලිස්පතිවරයා නීතියට අවනත නොවී සැඟවී සිටින බව ද මනතුංග මහතා කියාසිටියේය.

අධිකරණ නියෝගයකට අවනත නොවී පැන ගිය සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ක්‍රමවේදය යටතේම හිටපු පොලිස්පතිවරයාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටින අතර හිටපු පොලිස්පතිවරයාව අත්අඩංගුවට ගැනීමට විශේෂ සැලකිල්ලක් පොලීසිය නොදක්වන බවත් එමෙන්ම ඔහුට සැඟවී සිටීමට යම් අයෙක් උදව් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ද දණ්ඩ නීති සංග්‍රහය අනුව කටයුතු කරන බවත් මනතුංග මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම දේශබන්දු තෙන්නකෝන් මහතා විදෙස් ගතවීමක් සම්බන්ධයෙන් ද තොරතුරු වාර්තා වී නැත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...