පියුමි හංසමාලිගේ නඩුව – CIDය අධිකරණය මඟහරී !

ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් වන පියුමි හංසමාලිගේ වත්කම් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළ නඩුව අද (07) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණය හමුවේ පෙනී නොසිට මඟහැර තිබේ.

මෙම නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ අංක 04 හමුවේ පසුගිය පෙබරවාරි 14 වනදා මෝසමක් මාර්ගයෙන් කැඳවා තිබුණු අතර එදින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කර තිබුණේ මාර්තු 07 වනදා නඩුව නැවත කැඳවීමට ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් හොඳින්ම දැනුවත්ව සිට ඇති අතර ඔවුන් ඊයේ (06) සහ පෙරේදා (05) යන දින දෙකේම පියුමි හංසමාලිව CID ය වෙත කැඳවා ප්‍රකාශ ද සටහන් කරගෙන තිබිණි.

එසේ තිබියදී ඔවුන් හිතාමතාම අද දිනයේදී අධිකරණය මගහැර ඇති බව දක්නට ලැබිණි.

ඒ අනුව, නඩුව මාර්තු 21 වනදා නැවත කැඳවීමට අධිකරණය නියම කළේය.

ජ්‍යේෂ්ඨ නීතීඥ සුමුදු හේවගේ සමග නීතීඥ ඉමාෂා සේනාධීර අධිකරණය හමුවේ පියුමි හංසමාලිගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියහ.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...

දත්ත අවියක් කර ගැනීම : මැතිවරණවල නීත්‍යානුකූලභාවය නැති කිරීමට ව්‍යාජ දත්ත භාවිත වන ආකාරය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : නූතන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය...

තුන්කොන් සටනේ අවසන් මහා තරගය: පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අද තරඟ බිමට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඉංගලන්තය, පාකිස්තානය සහ...