යුද්ද වලට තිත තබන ට්‍රම්ප් ලෝක වෙළෙද යුද්ධයකට අරඅදී……?

Date:

අශෝක ජයතුංග

මාර්තු 07 වොෂින්ටන් LNW :

🍎කැනඩාව හා මෙක්සිකෝවට 25% ක දැඩි බද්දක් පැනවේ…….!

🍎එම රටවල් දෙකෙනුත් ට්‍රම්ප්ට ඩො බිලියන160 ක බදු කණේ පාරක්……?

🍎චීනයට 10% ක බද්දක් පැනෙව්වත් එය ඩො බිලයන 1000 කට ආසන්කවීමෙන් චීනය ත් ගේමට එන හැඩ…?

🍎ට්‍රම්ප් යුරෝපය හා මෑතක ගැසූ වෙළෙද ගිවිසුමේ සැබෑ පසුබිම තවම අපැහැදිලිවීම..?

🍎ඉන්දියාවට අදාළ ට්‍රම්ප් බදු ප්‍රතිපත්තියේ හැඩරුව… ?

🍎ශ්‍රී ලංකාවත් ට්‍රම්ප්ගේ බදු ගැහිල්ලට බිළි වෙයි ද…?

ට්‍රම්ප් අවි හරහා කරන යුද්ධයට සේම ලෝක වෙළෙද යුද්ධයක් ද ප්‍රකාශයට පත් කොට එය කඩිනමින් ඉදිරියට ගෙන යමින් තිබේ. තාවකාලිකව විවිධ රටවලට පැනවූ බදු මේ වනවිට ස්ථිර කොට තිබේ. ඒ තුළ ලෝකයේ වෙළෙද කටයුතු යම් දෙදරීමකට ලක්ව තිබෙන තරම්ය.

 කැනඩාව හා මෙක්සිකෝවට 25%ක දැවැන්ත බද්දක් ගැසූ ට්‍රම්ප් චීනය ඇමෙරිකාවට වැඩිපුරම භාණ්ඩ එවන රට ලෙස ඔවුන්ට 10% ක බද්දක් පනවා තිබේ. එය ඩො බිලි 1000 ක් පමණ වෙතැයි අනුමාන කරන පසුබිමක චීනය ද ඇමෙරිකාවට එරෙහි විවිධ රළු තීන්දු ගනු ඇති බව කියවේ.යුරෝපයට ද තාවකාලිකව බදු පැනවුව ද බ්‍රිතාන්‍ය අගමැති ස්ටැමර් ගේ වොෂින්ටන් වන්දනාව හරහා ගැසූ වෙළෙද ගිවිසුම හේතුවෙන් යුරෝපයට අදාළ බදු පසුබිම තවම 100% ක් පැහැදිලි නැත. ඉන්දියාවට අදාළ ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තියේ හැඩරුව ද තවම එළිදක්වා නැති තරම්ය.

යුක්රේන රුසියා යුද්ධයේ දී ට්‍රම්ප් ගත් ස්ථාවර නිසා බෙදුනු ලෝකය ට්‍රම්ප් නිර්මාණය කල නව ලෝක වෙළෙඳ යුද්ධය හරහා තවත් බෙදීමකට ලක්ව තිබේ.චීනය කැනඩාව මෙක්සිකෝව බොහෝවිට යුරෝපා සංගමයේ රටවල් 27 ඇතුළු ලෝකයට ට්‍රම්ප් වෙළෙද යුද්ධයක් ප්‍රකාශ කොට ඇති නිසා ඊට  එරෙහිව වෙළෙද යුද්ධ ප්‍රකාශ කොට තිබේ.කැනඩාව හා මෙක්සිකෝව මේ වනවිටත් ඇමෙරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ වලින් ඩො බිලියන 160 ක දැවැන්ත බද්දක් ලබා ගැනීමට තීන්දු කොට හමාරය. ඒ තුළ ට්‍රම්ප්ට තනි අශ්වයාගේ භූමිකාව කරගෙන යාමට ඉඩ නොලැබෙනු නියතය. විශේෂයෙන් චීනයේ ප්‍රතිචාර ඇමෙරිකාවට ඇඬෙන එකක් වනු ඇත බවට ද මතවාද දියත්වේ. පවතින පසුබම තුළ ආනයන අපනයන කාර්යය මන්දගාමීවීමෙන් ඇමෙරිකාව තුළ ඇතැම් භාණ්ඩ හිගයක් නිර්මාණයවීමේ අනතුරක් ද පවතී.

දකුණු ඇමෙරිකානු රටවල් සමග ඇමෙරිකාවට තිබෙන දශක ගණනක ඓතිහාසික වෙළෙද ගිවිසුම පවා කඩ කරමින් ට්‍රම්ප් ක්‍රියාකරන බවට දැඩි චෝදනාවක් එල්ලවී තිබේ. බයිඩන් ඔබාමා ලාගේ ඩිමොක්‍රටික් පාළනය තුළ තිබු සාමකාමී සහජීවන හා සුහද බව ටුම්ප් පාළනය හරහා සෑම ක්ෂ්‍රේත්‍රයකින්ම බිද දමමින් තිබෙන බවට ද ගිණියම් මතවාද පවතී.

ට්‍රම්ප් ගේ මෙම නව බදු ප්‍රතිපත්තය ශ්‍රී ලංකාවට කෙසේ බලපානු ඇද්ද යන්න ඊලග ගැටලුව වේ. ට්‍රම්ප් ට වෙළෙද පරතරය ඇලජික්ය. ඒතුළ ලංකාවෙන් වසරකට ඩො බිලියන 06 කට ආසන්න භාණ්ඩ ඇමෙරිකාව ආනයනය කරන අතරතුර ඇමෙරිකාවෙන් ලංකාවට එන්නේ ඩො බිලියන බාගයක භාණ්ඩ පමණක්  නිසා ලංකාවට ද විශාල බද්දක් දැමීමේ අනතුරක් පවතින බවට විග්‍රහ පවතී.

 ඒවා ගැන සාකච්ඡා කරන්නට හෝ ට්‍රම්ප් පාළනයෙන් ඉඩක් නොමැති කරම්ය. ට්‍රම්ප් පාළනයේ තීන්දුව අවසන් තීන්දුව බව බොහෝ අයගේ මතය වේ. කෙසේ නමුත් ට්‍රම්ප් පාළනය ඇමෙරිකාවේ ආරක්ෂාව හා ශක්තිමත් ආර්ථිකය ගැන ගන්නා බොහෝ ක්‍රියාමාර්ග වලට ඇමෙරිකානුවන් සතුට පළ කරන අතරේ ලෝකය සමග ගැටෙන සාමකාමී සුහද වාතාවරණය බිද දමන ඇතැම් තීන්දු ගැන එරට ජනතාව සිටිනුයේ චකිතකය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවේ බැංකු කොයි තරම් ලාබ ලබනවාද ?

ලංකාවේ බැංකු වල ලාබ පිළිබඳව විවිධ දුර්මත ප්‍රචලිතව තිබෙනු...

අද (29) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 29) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ජාතික ආරක්ෂාවට වැදගත් වන ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න වත්මන් රජය අපොහොසත් වෙලා – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මිද්දෙනිය ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීමත්...

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...