මුදල් විශුද්ධිකරණය සමබන්ධයෙන් උතුරු කොරියානු හැකර්වරුන් කප් ගහයි!

Date:

සටහන – පුලී
මාර්තු 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 උතුරු කොරියානු පාලනය වෙනුවෙන් වැඩ කරන බවට සැලකෙන හැකර්වරු කිහිප දෙනෙක් ඔවුන් ලබාගත් ඩොලර් බිලියන 1.5 ක ක්‍රිප්ටෝ මංකොල්ලයක් සම්බන්ධයෙන් කතාවක් පැතිර තිබුණි. ඉන් ඩොලර් මිලියන 300 ක් පමණ ඔවුන් ආපසු අයකර ගත නොහැකි අරමුදල් බවට පරිවර්තනය කර ඇතැයි වාර්තා වේ.

ලාසරස් සමූහය ලෙස හැඳින්වෙන මෙම අපරාධකරුවන් මීට සති දෙකකට පමණ පෙර ක්‍රිප්ටෝ හුවමාරුව වන බයිබිට් හැක් කිරීමකදී ඩිජිටල් ටෝකන විශාල තොගයක් ලබා ගෙන ඇත.

එතැන් සිට, හැකර්වරුන් “ක්‍රිප්ටෝ” භාවිතා කළ හැකි මුදල් බවට සාර්ථකව පරිවර්තනය කිරීමට කටයුතු කර ඇතැයි පැවසේ.

මෙම කුප්‍රකට හැකර් කණ්ඩායම දිනකට පැය 24 කට ආසන්න කාලයක් වැඩ කරන බව ද විශේෂඥයෝ පවසති.

මුදල් මාර්ගය ව්‍යාකූල කිරීමට උත්සාහ කරන හැකර්වරුන්ට සෑම මිනිත්තුවක්ම වැදගත් වන අතර ඔවුන් කරන දෙය පවා අතිශයින්ම සංකීර්ණයි බව ක්‍රිප්ටෝ විමර්ශක එලිප්ටික් හි සම-නිර්මාතෘ ආචාර්ය ටොම් රොබින්සන් පවසයි.

ක්‍රිප්ටෝ මුදල් වලට සම්බන්ධ සියලුම අපරාධකරුවන් අතරින්, උතුරු කොරියාව ක්‍රිප්ටෝ විශුද්ධිකරණය කිරීමේදී හොඳම තත්ත්වයක සිටින බව ද පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...

ගෙවුණු දිනයේ ඊශ්‍රායල් ප්‍රහාරවලින් පලස්තීන සාමාන්‍ය වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු දිනය...

ප්‍රමාදය සම්පූර්ණයෙන්ම අවසන් : අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : කොළඹ වරායේ ආනයන...

ජනාධිපති ට්‍රම්ප්ගේ වියදම් පනත් කෙටුම්පත රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් සම්මත කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...