ගුවන් තොටුපලට අලුතින් බස් රථ සහ ජංගම පියගැටපෙළ මිලදී ගැනීමට තීරණයක් !

Date:

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මගීන්ට ගුවන් යානාවලින් බැසීමට සපයන ජංගම පියගැටපෙළ (mobile staircase) සහ එසේ ගොඩබසින මගීන් ආගමන විගමන අංශය කරා ගෙනයන බස් රථවල පවතින අබලන් තත්වය සම්බන්ධයෙන් LNW අපි මීට පෙර පුවත් දෙකකින් පෙන්වා දුන්නෙමු.

මේ ජංගම පිටගැටපෙළවල් වසර 20 කට වඩා පැරණි ඒවා වන අතර බස් රථ වසර 30ක් තරම් පැරණි ඒවා බවත් එහිදී අපි සඳහන් කළෙමු.

කෙසේවෙතත් මේ වනවිට එම අඩුපාඩුව සපුරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා නව බස් රථ සහ නව ජංගම පියගැටපෙළ මිලදී ගැනීමට තීරණයක් ගෙන ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව සභාපති සරත් ගනේගොඩ මහතා ඇතුළු නව පාලනාධිකාරිය විසින් මෙම තීරණය ගෙන ඇති බවත් ඒ අනුව ඒ සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු සිදුකෙරෙනු ඇති බවත් වාර්තා විය.

විශේෂයෙන් ශ්‍රී ලංකාවට විදේශ සංචාරකයින් පැමිණීම වේගයෙන් ඉහළ යමින් පවතින තත්වයක් තුළ කඩිනමින් මෙම පියවර ගැනීම අගය කළයුතුව ඇත.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...