රුසියාවට වඩා යුක්රේනය සමඟ කටයුතු කිරීම දුෂ්කර බව ට්‍රම්ප් කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 08; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : යුක්රේනය හා රුසියාව අතර සටන් විරාමයක් ඇති කිරීමට අතරමැදියකු වශයෙන් කටයුතු කිරීමේදී යුක්රේනය සමඟ කටයුතු කිරීම අවංකවම, දුෂ්කර බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

ඊයේ(07)දිනයේදී ඕවල් කාර්යාලයේදී මේ බව මාධ්‍යවේදීනට ප්‍රකාශ කළ එක්සත් ජනපද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, ඇමරිකා එක්සත් ජනපදය රුසියාව සමඟ ඉතා හොඳින් කටයුතු කරන බවත්, පුටින් යුද්ධය අවසන් කිරීමට කැමති බව තමා විශ්වාස කරන නමුත් යුක්රේනය ගැන ඔහුට එසේ පැවසිය නොහැකි බවත්ය.

පසුගියදා යුක්රේනයේ ඛනිජ සම්පත් සම්බන්ධයෙන් ගිවිසුම් අත්සන් කිරීමට ධවල මන්දිරයට පැමිණි යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සමඟ පැවති සාකච්ජාව එක්සත් ජනපදයට අගෞරවයක් වශයෙන් ට්‍රම්ප් සඳහන් කර තිබු අතර ට්‍රම්ප් මේවන විට කියෙව් සමඟ සියලු එක්සත් ජනපද හමුදා ආධාර සහ බුද්ධි තොරතුරු හුවමාරුව නවතා දමා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදේශ සංචිත පහළට !

නොවැම්බර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත...

ප්‍රදේශ රැසකට වැසි – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

ශ්‍රී ලංකා බලධාරීන් IMF වෙතින් ඩොලර් මිලියන 200ක හදිසි ණයක් ඉල්ලයි

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන...

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය...