සංගාගේ ඉණිමෙන් පෙරමුණට ආ ශ්‍රී ලංකාව 14 දා අවසන් පූර්ව තරගයට

Date:

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 11, (LNW)කොළඹ

ප්‍රවීනයන්ගේ ක්‍රිකට් සූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති තරගයෙන් කඩුලු 9 ක ජයක් හිමි කර ගත් ශ්‍රී ලංකා ප්‍රවීනයින් ලකුණු සටහනේ පෙරමුණට ඒමට සමත් වුණා.ඒ මේ දක්වා පෙරමුණේ රැදි ඉන්දියාවය දෙවන තැනට ඇඳ දමමින්.ශ්‍රී ලංකාව ඉන්දියාව ඉදිරියේ මුලීක වටයේදී පරාජයට පත් වූ අතර ඉන්දියාව ඔස්ට්‍රේලියාව ඉදිරියේ පරාජයට පත්ව තිබෙනවා.
ශ්‍රී ලංකාවට එංගලන්තය පරාජය කරමින් ලකුණු සටහනේ පෙරමුණට ඒමට හැකි වුණේ ලකුණු වේගය අනුවයි.එහිදී කුමාර සංගක්කාර පන්දු 46 න් ශතකයක් ලබා ගනිමින් දියත් කළ සුපිරි ඉණිම නිසා එංගලන්තය පන්දු ඕවර් 20 තුළ කඩුලු 5 ට රැස් කළ ලකුණු 146 පන්දු ඕවර් 12.5 දී එක් කඩුල්ලකට ලකුණු 150 ක් රැස් කරන්නට සමත් වුණා.


රොමේෂ් කළුවිතාරණ සංගක්කාරගේ ඉණිමට දුන් සහය සිහිපත් කළේ වේගවත්ම එක්දින ශතකය රැස කරමින් සනත් ජයසූරිය සිංගප්පූරුවේදී දියත් කළ ඉණිම මොහොතේ දී ඒ සඳහා ඉතා අඩු ලකුණු ගණනක් ලබමින් කළුවිතාරණ දුන් සහයමයි.කළු ලකුණු 16 ට දැවී යද්දී කණ්ඩායමේ මුළු ලකුණු ප්‍රමාණය 108 ක් වුණා.එතැන් සිට පන්දු 12 ට මුහුණ දුන් අසේල ගුණරත්න ලකුණු 22 ක් ලබා ලකුණු 106 ක් නොදැවී ලැබූ සංගක්කාරට සහයෝගය දැක් වූවා.


ශ්‍රී ලංකාව අවසාන පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් හතර අතරේ සිව්වැනියාව සුදුසුකම් ලබන කණ්ඩායම සමඟ මාර්තු 14 දා තරග කිරීමට නියමිතයි.
එංගලන්තය සමඟ පැවති තරගයේ ලකුණු පූවරුව – https://bit.ly/41EhO8H

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...

සැලකිලිමත් වන්න – තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

ආපදා වන්දි ලබා දීමේ ප්‍රගතිය මෙන්න. දිස්ත්‍රික් ලේකම්වරු සහ ජනාධිපති අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වයෙන්...