ඉන්දියාවට එරෙහිව ට්‍රම්ප්ගේ තීරුබදු හේතුවෙන් ඇමරිකාවේ ඖෂධ මිල ඉහල යන ලකුණු

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අප්‍රේල් මස 02වන දා සිට ඉන්දියාවට එරෙහි සිය තීරුබදු ක්‍රියාත්මක කිරීමට සුදානම් බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අනතුරු අඟවමින් ආර්ථික විද්යාඥයන් සඳහන් කරන්නේ ඉන්දියවට එරෙහිව තීරුබද පැනවීම මඟින් මිලියන සංඛ්‍යාත ඇමරිකානුවන්ට අධික වෛද්‍ය බිල්පත් ඉහල යනු ඇති බවයි.

එක්සත් ජනපදයේ ගන්නා සියලුම ඖෂධවලින් අඩක් පමණ ඉන්දියාවෙන් පමණක් පැමිණෙන අතර ඒවා ඇමරිකාවේ නිෂ්පාදනය කරනවට වඩා ඉන්දියාවෙන් ලබා ගැනීම වඩාත් ලාභදායක වේ. එක්සත් ජනපදයේ බෙහෙත් වට්ටෝරු 10 න් නවයක්ම ඉන්දියානු ඖෂධවන අතර විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අධි රුධිර පීඩනය සහ මානසික සෞඛ්‍ය රෝග සඳහා වන බෙහෙත් වට්ටෝරු වලින් 60% කට වඩා පිරී තිබුණේ ඉන්දියානු නිෂ්පාදිත ඖෂධවලිණි.

මෙවන විට චීන ආනයන සඳහා ඔහුගේ තීරුබදු නිසා ට්‍රම්ප් දැනටමත් එක්සත් ජනපද රෝහල් සහ සාමාන්‍ය ඖෂධ නිෂ්පාදකයින්ගෙන් පීඩනයට මුහුණ දී සිටින අතර ඉදිරියේදී තත්වය තවත් දුෂ්කර වනු ඇති බවයි වාර්තා වන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරියා ගැන විමර්ශනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW: ආයුධ තොගයක් සමඟ අත්අඩංගුවට...

හෙට තැපෑල අඩාල වෙයිද?

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW: හෙට (17) පස්වරු 4.00...

පාකිස්තානයේ රෝහල් තුළ දැඩි අර්බුදයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට පාකිස්තානයේ...

පකිස්ථානයට බලපෑ ධාරානිපාත වර්ෂාව හා ගංවතුර තත්වය හේතුවෙන් 194දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයට බලපාන ලද...