සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 13, (LNW)කොළඹ
පෘතුගාලයේ ලිස්බන් නගරයේ 2001 දී පැවති 9 වන ලෝක ගෘහස්ත මලලක්‍රීඩා ශූරතාවය සඳහා සුසන්තිකා ජයසිංහ, සුගත් තිලකරත්න, දමයන්ති දර්ශා සහ රොහාන් ප්‍රදීප් කුමාර සහභාගි වීමෙන් අනතුරුව පළමුවරට ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් තිදෙනෙක් සුදුසුකම් ලබා ඇත.මීට විසිහතරකට පෙර තිබුණු නියෝජනයේ සංඛ්‍යාත්මක වටිනාකම හතරක් වුව ද,මෙවර එම සුදුසුකමට සමීප වූ ලාංකිකයන් ගණන පහකි.එහෙත් ඒ අතරින් යුපුන් අබේකෝන් සහ තරුශි කරුණාරත්න ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය නොකරන බව මුලින්ම පැවසූ බවත්,ඔවුන් දෙදෙනා දකුණු ආසියානු තරගාවලියට සහ ආසියානු සූරතාවලියට ගෙන්වා ගැනීමට උත්සාහ කරන බවත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන පැවසීය.
මේ වන විටත් එම සහභාගීත්වයට එකඟව යුපුන් දැණුම් දීමක් කර තිබෙන බවත්,තරුශි ද කැඳවා ගැනීමට අපේක්ෂා කරන බවත් සමන් කුමාර තව දුරටත් අනාවරණය කළේය.
අප තරුශි සහභාගි නොවන්නට තීරණය කළේ ඇයි ද යන්න දැන ගැනීම පිණිස ඇයව ඇමතුව අතර ඇය පෙන්වා දෙන්නේ සහභාගිවීමේ අවසාන තීරණය ගන්නේ තමන්ගේ වත්මන් පුහුණුකරු බවය.එහෙත් ඇය පුහුණුකරුගෙන් එවැන්නක් විමසුවේ නැති බව ද,ලෝක ගෘහස්ථ තරගාවලිය ගැන කිසිවෙකු තමන් හා කතා නොකළ බව ද අවධාරණය කළාය.
“සමීර අයියා කතා කරලා වර්ල්ඩ් රිලේ එකයි,චැමිපියන්ෂීප් එකයි ගැන ඇහැව්වා.මම කිව්වා කෝච්ව දැනුවත් කරලා උත්තරයක් කියන්නම් කියලා“
තරුශි වැඩි දුරටත් අනාවරණය කළේ තමන් හා ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා සංගමය වෙනුවෙන් තොරතුරු ඇසූ එහි වාර්තාකරු සමීර සහ තමන් අතර වූ සංවාදයේ තොරතුරුය.
යුපුන්ගෙන් අපි මේ ගැන විමසීමක් නොකළෙමු.ඔහුගේ කළමණාකාරවරයා සමාජ මාධ්‍යයේ යුපුන් ගැන කිසිවක් නොකියා සහභාගිවන තිදෙනා ගැන වාර්තා කර තිබූ බැවින් යුපුන් සහභාගීත්වය ප්‍රතික්ෂේප කළ බව කියන තොරතුර සත්‍ය විය යුතුය.
කෙසේ වුව ද මෙම මස 21 සිට 23 දක්වා චීනයේ නැන්ජින් නගරයේ පැවත්වීමට නියමිත 21 වන ලෝක ගෘහස්ත මලලක්‍රීඩා ශූරතාවය සඳහා පහත ක්‍රීඩකයන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන්නේය.මීටර් 60 ඉසව්වට සහභාගි වන චමෝද් යෝධසිංහ වාර්තා කර තිබෙන තත්පර 6.63 ක කාලය තරගයට සුදුසුකම් ලබා සිටින ක්‍රීඩකයින් අතර චමොද් ව 36 වන තැන රඳවා ඇත.
ප්‍රවීන ක්‍රීඩක කාලිංග කුමාරගේ මීටර් 400 ඉසව්ව නියෝජනය කරන්නේ ඒ සඳහා සුදුසුකම් ලබා සිටින ක්‍රීඩක ගොන්නේ 17 වැන්නා ලෙස ය.කාලිංග ඒ වෙනුවෙන් දක්වා ඇති දස්කම තත්පර 45.93 කි.ශ්‍රී ලංකාව නියෝජනය කරන අනාගතයට වඩාත් වැදගත් ක්‍රීඩකයා වන්නේ කවීශ බණ්ඩාරය.ඔහු මීටර් 60 කඩුලු ඉසව්වෙන් දැක් වූ තත්පර 7.80 ක දක්ෂතාවය සුදුස්සන්ගේ ලේඛණයේ කවීශව 31 වන තැන රඳවා ඇත.
