අශෝක ජයතුංග
මාර්තු 12 වොෂින්ටන් LNW :
71 – 88 දී ජවිපෙ දැවැන්ත අරගල දෙකට ඔවුන් කීවේ විප්ලව කියාය. 1917 රුසියාවේ ලෙනින් කෲර හා ඒකාධිපති සාර් පාළනයට එරෙහිව කල විප්ලවය ලංකාවට ආදේශ කරන්නට ජවිපෙ උත්සාහ කළේය.එහෙත් ලංකාවේ තිබුණේ සාර් පාළන නොව ජනතාව පත්කල ප්රජාතන්ත්රවාදී ආණ්ඩුය. එම ආණ්ඩු කීවේ කෙටි මාර්ග වලින් බලය ඩැහැ ගැනීමට ජවිපෙ ත්රස්තවාදීන් ක්‍රියා කරන බවය. 71 දී 20,000 ක් හා 88 – 89 දී 60,000 ක ජීවිත හා ඩො බිලියන 150 ක දේපොළ විනාශවී රට වසර ගණනාවකින් රිවස් ගිය බව පැහැදිලිය. අවියෙන් රටක් අක්‍රිය කිරීමට අමානුෂික කොටි ත්රස්තයන්ට ටියුෂන් දුන්නේ ද ජවිපෙ බවට විග්රහ කල හැකි තරම්ය.

71 ත්‍රස්ත කැරැල්ලට ජීවිතාන්තය දක්වා ලැබූ විජේවීරට ජේ ආර් දේශපාලන අයිතිය ද සමග 1978 දී නිදහස දුන්නේය. ත්‍රස්ත නායකයෙකුට නිදහස දෙනවා නම් රටින් එළවා දමනවා හෝ ඝාතනය කරනවා මිස එවැනි තීන්දු ගන්නේ නැතත් ජේ ආර් ගත්තේ එවැනි තීන්දුවකි. 82 ජනපතිවරණයේදී ජේ ආර් ලක්ෂ 34 ක ඡන්ද ලබද්දී විජේවීරට ලැබුණේ දෙලක්ෂ හැත්තෑපන් දහසකි. එහෙත් එතනදී මහ මැතිවරණය නොපවත්වා කලගෙඩි ලාම්පු සටනින් පැවැති පාර්ලිමේන්තුවම දිගු කිරීමෙන් ජවිපෙට පාර්ලිමෙන්තුවේ අසුනක් ලබා ගැනීමට තිබූ අවස්ථාව ගිළිහී යාම පහත් ක්‍රියාවකි.

විජේවීරට ඔිනෑ වුයේ මන්ත්‍රීකමක් නොව රටේ නායකත්වයය. ඡන්දයෙන් එය ලබා ගැනීම අසීරු බව විජේවීරට තේරුම් යන්නට ඇත. 83 කළු ජූලියට මුවාවී ජවිපෙ ශ්‍රීලනිප ප්රමුඛ අවස්ථාවාදීන් පටු දේශපාලනය කරද්දී ඒවා මර්දනයට උපාය මාර්ගිකව එවකට බලයේ සිටි එජාපය ද නොයෙක් පාහරකම් කරන්නට ඇත. ජවිපෙ, නව සමසමාජ පක්ෂය ඇතුළු පක්ෂ තහනම් වුයේ කළු ජූලියේ චූදිතයන් ලෙසය.
මෙය විජේවීරට ඉබ්බා දියේ දැම්මා වන්නට ඇත. ඔහු සැගවී රහසේ රටේ බලය ඇල්ලීමේ උපාය ක්‍රියාත්මක කළේය. තමාට අභය දානය දුන් ජේ ආර් මරමුයි මත වැපිරුවේය. ඒ අතරේ දෙමළ විමුක්තිකාමීන් යයි කියාගත් කණ්ඩායම් 05 ක් උතුරේ බිහිවි රට වැනසීම හා ඝාතන කරගෙන ගියහ. සෙසු සියලු කණ්ඩායම් මරා දමා ප්‍රභා හා කොටි දෙමළ ජනතාවගේ එකම ගැලවුම්කරු බවට පත් විය.

උතුරේ කොටි හා දකුණේ ජවිපෙ තරගෙට ත්‍රස්ත කටයුතු කරමින් මිණී මරමින් රජයේ දේපොළ වනසමින් සංචාරකයන් හා රටේ නිෂ්පාදනය හා අපනයන නවතමින් කළ ආර්ථික විනාශය මැදත් ජේ ආර් ප්‍රේමදාස රනිල් ලලිත් ගාමිණී ලා මේ රටත් ජනතාවත් ප්රජාතක්ත්රවාදයත් රැකබලා ගත්තේය. උතුරේ අරගලයට විසදුම ලෙස බලය බෙදන පළාත් සභා ස්ථාපිත කෙරිණ. ජවිපෙ එය ද තම වාසියට ගෙන ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කරන බවට රට ගිණි තැබුවේය. ඇල්ල වැල්ලවාය පාර හදන්නේ ඇමෙරිකන් ප්ලේන් බාන්න යයි කීවේය. අදද ලංකාව ඉන්දියාවේ ප්රාන්තයක්වී හෝ ඇල්ල පාරට ඇමෙරිකන් යානා බාන්නේ නැත. ගල් පැලෙන බොරු කියා ජනතාව නොමග යැවීම ජවිපෙ කළේ පසුගිය ජනපතිවරණයේ පමණක් නොවන බව හා බොරුව ඔවුන්ගේ ජාන වලම පවතින බව ඉන් පසක්වේ.

89 ජනපතිවරණය තිබුණේ ජවිපෙ වෙඩි හා බෝම්බ මධ්‍යයේය. ජනපතිවරණය දිනු පේමදාස අද ට්‍රම්ප් මෙන් සාමයට දෑත් දිගු කළේය.ජාතික ලැයිස්තු 10 ක් ඇමතිකම් 05 ක් ජවිපෙට යෝජනා කළේය. පේමදාස බියවී ඇති බව සිතූ ජවිපෙ ඝාතන හා දේපොළ විනාශය දෙගුණ කළේය. ජනතාව පත්කල ආණ්ඩුව , ආර්ථිකය හා රටේ ප්රජාතන්ත්රවාදය බිත්තියටම හේත්තු කළේය. එවිට ගතහැකි එකම මග මර්දනය වන අතර එම ආණ්ඩුව ඊට තල්ලු කළේ ජවිපෙ විසින්මය. ඊශ්‍රායලය හා සෙසු රටවල උපදෙස් මත රාජ්‍ය රැකීමේ වගකීම ආරක්ෂක අංශ වලට පැවරින. බටලන්ද හා එවැනි තැන් සිය ගණනක් රටපුරා බිහිවිය. මිණීමැරූ රටේ දේපොළ වැනසූ ජවිපෙට බලය ලබාදීම වෙනුවෙන් නොමග ගිය අවි වලින් සන්නද්ධ තරුණයන් කොටු කිරීම හා ආරක්ෂක අංශ හා ගැටුණු අය මරාදැමීම හා අනතුරුව ටයර් සෑ මත ගිණි තබා සෙසු තරුණයන් බිය ගැන්වීම ඇරඔින. රට විසාලා මහනුවරක් සේ ගිණිගෙන දැවින. කොළඹ හා මොරටු සරසවි වල උපකුලපති මහාචාර්යවරුන් වූ ස්ටැන්ලි විජේසුන්දර හා පටුවතවිතාන රටට ජීවනී දියරය උපද්දවූ වෛද්‍ය ග්ලැඩිස් ජයවර්දන විජය කුමාරණතුංග පේමකීර්ති ද අල්විස් සුප්‍රසිද්ධ හිමිවරු වෛද්‍යවරු රැසක් ඝාතනය වූයේ ඔවුහු ජනතාව, සාමය, ප්රජාතන්ත්රවාදය හා දෛනික කටයුතු වෙනුවෙන් පෙනී සිටි පාපයටය. ජවිපෙ අතින් මැරුම් කෑ මෙන්ම මියගිය ජවිපෙ සාමාජිකයින්ට ද රු 50,000 ක් බැගින් ආණ්ඩුව වන්දි ලබාදුන් අතර එය අද රු දස ලක්ෂයකට නොදෙවෙනිය. තරුණ පරපුර අන්දා අවි අතට දී ඔවුන්ගේ ජීවිත සමග දේශපාලන සූදුවක් කළ කළුකුම් පාfම් එකක් සහිතව අති සුඛෝපබෝගී ජීවිතයක් ගෙවූ විජේවීර ඝාතනයත් සමග ජවිපෙ ත්‍රස්ත ක්‍රියා නිමවී රට සාමකාමී විය. රටට දෙවන නිදහස ලැබුණේ එහෙමය. රටට තෙවන නිදහස ලැබුණේ ප්රභාකරන් ඝාතනය වූ දාය.කොටි හෝ ජවිපෙ මියගිය අය බෝපැළ දැයි ප්‍රශ්නයක් මතුවන්නේ ඒ තුළය.
පසුගිය ජනපතිවරණයේදී මාළිමා අපේක්ෂක අනුර තමා උගත් හා රනිල් අධ්‍යාපන ඇමතිව සිටියදී දියුණු කොට ඔසවා තැබූ තඔුත්තේගම මධ්‍ය විදුහලේ ආදිසිසු හමුවකට එක්වීන. තමාගේ හොදම මිතුරා 89 දී ඝාතනය වූ හැටි හා තමා සැගවී ජීවිතය බේරාගත් හැටි ගැන ඔහු එහිදී සංවේදී කතාවක් කළේය.
එදා තම මිතුරා ඝාතනය වූයේ ඝාතන කීයකට හා රාජ්‍ය දේපළ වැනසීම් කීයකට වගකිව යුතු නිසාදැයි හා තමා ජීවිතය බේරාගැනීමට සැගව සිටියේ කුමන හේතුවක් නිසාදැයි ජනපති අනුර හෘද සාක්ෂියට එකගව සත්‍ය කියයි නම් රට එය දැන ගන්නට ඉතා කැමතිය. තවද ජනතාව පත්කළ තම රජයකට එරෙහිවීමට උත්සාහ කළොත් උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව එම ජනපතිවරණයේදීම ලාල්කාන්ත කීවේ කුමක්ද යන්නත් මාළිමාව රටට පැහැදිලි කරනවා නම් එය බටලන්ද වැනි තැන් ගැන නිවැරදි තක්සේරුවකට පැමිණීමට ඉතා පහසු වනු ඇත .
