*
Saturday, March 15, 2025
spot_img

Latest Posts

SAFF වසර 17 ට පසු ශ්‍රී ලංකාවට – ආණ්ඩුවටත් ලොකු වගකීමක්

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 14, (LNW)කොළඹ

දකුණු ආසියානු පාපන්දු සම්මේලන තරගාවලිය වසර 17 ට පසුව ශ්‍රී ලංකාවේ පැවත්වීමට සෙසු දකුණු ආසියානු රටවල එකඟතාවය දිනා ගන්නට ජස්වර් උමාර් ට හැකි වී ඇත.2008 දී ශ්‍රී ලංකාව මෙම තරගාවලිය සංවිධානය කළේ මාල දිවයින සමඟ එක්වයි.ඉනික්බිතිව ශ්‍රී ලංකාවට ලැබෙන මේ අවස්ථාව කළාපීය වශයෙන් අතිශයින් වැදගත් එකකි.


මේ වන විට වඩාත් ආරක්ෂිත ස්ථානයක් බවට දකුණු ආසියාව තුළ ශ්‍රී ලංකාව පත්ව තිබීම සහ සියලු රටවල් සමඟ මිත්‍රශීලීව ගනු දෙනු කිරීමත් මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට දිනා ගැනීම සඳහා වැදගත් වන්නට ඇත.අද දකුණු ආසියාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් අඩුම තර්ජනය ඇති රටවල් ලෙස ශ්‍රී ලංකාව සහ භූතානය පෙරමුණේ පවතින බව වාර්තා වී තිබීම මේ තරගාවලියට දකුණු ආසියාවේ රටවල් සියල්ල එකතු කර ගත හැකි බිමක් බවට ශ්‍රී ලංකාව තෝරා ගැනීමේදී සෙසු රටවල අවධානය යොමු වන්නට ඇත.


ඉහත තත්ත්වය රටක් හැටියට ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීම සඳහා මේ වන විට ඇති වී තිබෙන යම් අනාරක්ෂිත තත්ත්වයන් ගැන අවධානය යොමු කිරීමට ආණ්ඩුව සැළකිලිමත් විය යුතුය.මේ සිඳුවන ආකාරයේ සාමාන්‍ය සමාජය තුළ සිඳුවන මිනී මැරීම් වැනි දේවල් ලෝකයට ගලා යන්නේ ජාතික ආරක්ෂාවේ හිදැස් ලෙසය.ජාතික ආරක්ෂාව ලෙස අපිව බංකුවල හිඳුවා කුමනාකාරයේ ටියුෂන් ලබා දුන්න ද,මේ රටේ කුමන තත්ත්වයක වුව පුරවැසියන් ඝාතනය වන්නේනම් සහ කාන්තාවන් නිසි ආරක්ෂාවක් නැතුව දූෂණය වන්නේනම් එම රාජ්‍යය ලෝකය පිළිගන්නේ ජීවත්වීමට ප්‍රමාණවත් ආරක්ෂාවක් ඇති රටක් ලෙසය.


මේ රටේ විපක්ෂවලට ටියුෂන් දීමට කතා කරපු හිටපු හමුදා නිලධාරී දේශාපාලනඥයා තවමත් සිතනවා ඇත්තේ රාජ්‍ය හමුදාවල මළ සිරුරු වෙනුවට රාජ්‍ය හමුදාවලින් මැරූ එල්ටීඊඊ ලෙස නාමකරණය කළ මල සිරුරු ප්‍රදර්ශණය කිරීම රාජ්‍ය ආරක්ෂාව ලෙසනම්,මේ රටේ කුමන වර්ගයක හෝ මිනිසුන්ට මරණය වෙනුවට ජීවත්වීමට ඇති අයිතිය සනාත කිරීම,වරදකරුවන් යැයි සළකා ඝාතනයන් සාධාරණය කිරීම වෙනුවට ඔවුන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වෙන වැඩ පිළිවෙලක් ස්ථාපිත විය යුතුය.ඒවා රාජ්‍ය ආරක්ෂාවේ කොටස් බැවින් වසර 17 ට පසුව ජස්වර් දිනා දුන් දකුණු ආසියානු පාපන්දු සම්මේලන කුසලාන තරගාවලිය මේ වසරේ ජූනි මාසයේ මෙරට දී පැවත්වීමට අවශ්‍යය ආරක්ෂිත සහ විශ්වසනීය පසුබිම ස්ථාවර කිරීම වැදගත්ය.


පාපන්දුව වෙනුවෙන් කැප වී ක්‍රියා කරන ක්‍රීඩකයෝ මෙන්ම එහි රසිකයන් ද බොහෝ විට වරප්‍රසාදිත සමාජ පංතියක ඉහළ අධ්‍යාපනයක් ලැබිම අහිමි වු කොටස් බව මේ පොළවේ ඇත්තය.ඇතැම් පාපන්දු නායකයින්ට පාතාල සබඳතා තිබුණු බව මෙන්ම ඔවුන්ගේ ජීවිතවලට අත් වූ ඉරණ ද ප්‍රශ්නාර්ථයක් බවට පත්ව ඇති වටපිටාවක,මේ පාපන්දු නරඹන්නට එන ප්‍රේක්ෂකයාට අනවශ්‍යය වදයක් නැතුව මේ තරගාවලිය නැරඹීමට අවශ්‍යය පසුබිම සැකසීමට ආණ්ඩුව පෙරට ආ යුතුය.


එ් නිසා ජස්වර් රටට දිනාගෙන ආ පාපන්දු තරගාවලියට ස්ථාවර තත්ත්වයක් ඇති කිරීමට ආණ්ඩුවේ ආරක්ෂාව සමාජය තුළ ස්ථාපිත කිරීම වැදගත්ය.ජාත්‍යන්තර තරගවලදී ශ්‍රී ලංකා ආණ්ඩුවට එවැනි වගකීමක් නැති බවට ගෙවුණු ජාතන්තර බැඩිමින්ටන් තරගාවලියේදී ඔප්පු කර පෙන්වා ඇත.ඒ නිසා දැන් සිටම මම ක්‍රීඩා සංගම්වලට යන්නෙ නැහැ.එයාල මෙහාට ගෙන්වනවා කියන උඩඟු හැසිරීමෙන් මිදී අමාත්‍යවරයා රටක් හැටියට මේ ලැබුණු වරප්‍රසාදයේ රටට දිනා ගන්නට ඇති දේ කවරේද සහ ඒ වෙනුවෙන් ආණ්ඩුව දිය යුතු සහය කවරේද යන්න සොයා බැලීමට පාපන්දු නිවහනට යාම වැඳගත්ය.ඒවා දැණුම් දී යන නිල සංචාර නොවන විමසා බැලීම සඳහා යන ඒවා වන අතර ඇමතිගේ තත්ත්වය රැකෙන්නේ අමාත්‍යංශයේම සිය උස් අසුනේ ඉඳගෙන සිටීමෙන් බවට කවුරුන් හෝ උපදෙස් දුන්නේනම් හෝ තමන් එසේ සිතුවේනම් එය වැරදිය.


ක්‍රීඩාව යනු පොළෙවේ තිබෙන වඩාත් ප්‍රායෝගික ක්‍රියාකාරකමක් වන අතර පාලකයාට ක්‍රීඩාව සමාජගත කිරීමේ වගකීම ඉටු කිරීම කාමරවලට සීමා කර කළ නොහැකිය.දැනටමත් මේ වීදුරු කාමරවලට සිර වී ගනු ලබන තීරණවලින් ඇත්ත ප්‍රශ්නය ලිහා ගන්නට නොහැකි වී තිබෙන ක්‍රීඩා අමාත්‍යවරයා පාපන්දු තරගාවලිය සම්බන්ධයෙන් හෝ කාමරෙන් එළියට පැමිණ පිටියටත්,සංවිධාන ව්‍යහුයටත් මැඳිහත් වෙමින් තමන්ගෙන් අවශ්‍යය දායකත්වය ලබා දීම වැදගත් වනු ඇත.තරගාවලිය පැවත්වෙන්නේ ශ්‍රී ලංකාවේය.පාපන්දු ක්‍රීඩාවක්ය.ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඇමතිවරයා සුනිල් කුමාර ගමගේ ය.


කෙසේ වුවත් ජනාධිපතිවරයා හෝ එබී හො නොබැලුව ජාත්‍යන්තර බැඩිමින්ටන් තරගාවලි දෙකක් ශ්‍රී ලංකාවේ දී නිමාවට පත් වූයේ විශාල ආකර්ශණයක් රටට අත් කර දෙමින්ය.ආණ්ඩුවේ ආයතනවලින් කරන ලද කෙණහිළිකම් දහසක් මැදය.ක්‍රීඩා අමාත්‍යංශයට අයිති සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය නියමිත මිලට අඩුවෙන් දිය හැකිදැයි බැඩිමින්ටන් සම්මේලනය කළ ඉල්ලීම වෙනුවෙන් නියමිත මිලටත් වැඩි මිලක් ගෙවන්න යැයි බැඩිමින්ටන් සංගමයට නියම කරමින්ය.සංචාරක අංශයෙන් අමාත්‍යවරයාම අදාළ අංශ වෙත බැඩිමින්ටන් නිලධාරීන් යොමු කළ ත්,අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්ගේ සිටම කාමරයෙන් පිටතටවත් නොපැමිණ කෙරූ ක්‍රියා දාමය නිමාවේ සහභාගි වූ රටවල් 28 කොඩි ලබා දීම ප්‍රතික්ෂේප කරමින්තෙවම ඒ ආකාරයට රටට වැදගත් ජාත්‍යන්තර ඉසව්වක් ගෙන ආ සංගමයකට සැළකීම සම්බන්ධයෙන් අදාළ පාර්ශව වෙත අවවාද කිරීමක් හෝ බැඩිම්න්ටන් සංගමයෙන් සිඳු වූ අතපසුවීම ගැන සමාව ඉල්ලා හෝ කණගාටුව ඉල්ලා ද නැත.
ඇමතිලා මොකටද සොරි කියන්නෙ.ඇමතිකම සොරි කියන වගකීමක් නෙමෙයි. කියා ක්‍රිඩා ඇමතිවරයා සිතනවාද අප දන්නේ නැත.ඒත් බැඩිමින්ටන් සංගමය එය ශාන්ත ජෝෂ්ප විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩා පිටියේ පවත්වා කොඩි පෞද්ගලිකව මිලට ගෙන ප්‍රදර්ශනය නොකළේනම් රටටම සොරි කියන්නට වන්නේය.


මේ පාපන්දු තරගාවලිය ද එ‍ෙතිහාසික ජයග්‍රහණයකින් නිමා කර වර්ථමානයේ ජාතික කණ්ඩායමේ සංයුතිය අනුව 1995 න් පසුව පළමු වරට SAFF කුසලානය ලංකාවට දිනා ගැනීමට හැකි අවස්ථාව උදාවන්නේනම් එය අපූරුය.ඒ අපූරු ආස්වාදය වෙනුවෙන් රට ගැන සිතා ක්‍රීඩාවේ දේශපාලනය බිමට බැස පාපන්දු පරිපාලනයට දිය හැකි උපරිම සහය දෙන්නේනම් වැදගත්ය.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan