කථානායකත් හඬවමින් බිමල් සභාගත කළ බටලන්ද වාර්තාව මීට අවුරුදු 22කට කලිනුත් සභාගත කළ එකක් ?

Date:

ඓතිහාසික කාර්යභාරයක් යැයි කියමින් ඉතා සංවේදී කතාවක් සමගින් සභානායක බිමල් රත්නායක මහතා සභාගත කළ බටලන්ද කොමිසමේ වාර්තාව මීට වසර 22කට පෙර විජේපාල මෙන්ඩිස් මහතා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කළ වාර්තාවම බව සමගි ජන බලවේගයේ ගම්පහ සංවිධායක වරුණ රාජපක්ෂ මහතා පවසයි.

ඒ අනුව මෙම වාර්තාව “ජනාධිපති ලේකම් කාර්යාලයේ අඳුරු මුල්ලක පුස්කමින් තිබුණු මෙම ලේඛනය ලෝකය ඉදිරියට ගෙනා” බවට බිමල් රත්නායක මහතා ඊයේ (14) පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය ද සාවද්‍ය බවයි වරුණ රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ.

එසේම මෙම පිටු 208කින් යුත් වාර්තාවේ එතරම් බලවත් අනාවරණයක් අඩංගු නොවන අතර බටලන්ද කොමිසමේ සාක්ෂි සටහන් ද සහිත සම්පූර්ණ වාර්තාව පිටු 4000 කට අධික එකක් වන බවත් පැවසූ රාජපක්ෂ මහතා එම පිටු 4000 වාර්තාවේ පවා නීත්‍යානුකූලව ඉදිරි පියවර ගතහැකි මට්ටමේ යමක් නොමැති බවත් ප්‍රකාශ කළේය.

එමෙන්ම අදාළ කොමිෂන් සභාව 1948 අංක 17 දරණ විමර්ශන කොමිෂන් සභා පනත යටතේ පිහිටවූ කොමිසමක් නිසා එය නීත්‍යානුකූල දඬුවම් නියම කළ හැකි බලතල සහිත කොමිසමක් නොවන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

වරුණ රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ තම යූටියුබ් නාලිකාවේ වීඩියෝවක් හරහා මේ පිළිබඳව අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...