සිකුගේගෙන් වුණ හානිය අන්තිම පන්දුව තෙක්ම උත්සාහ කළත් පියවන්න අසේලට නොහැකි වෙයි – අවසන් තරගයට කොදෙව්වන්

Date:

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 15, (LNW)කොළඹ

මාස්ටර්ස් ක්‍රිකට් තරගාවලියේ අවසාන තරග බලාපොරොත්තුව සීකුගේ ප්‍රසන්නගේ අතින් ගිලිහී ගියේය.දිනේෂ් රාමඩීන් විසින් ලකුණු 4 ක් ලබා සිටියදී ලබා දුන් එම උඩ පන්දුවෙන් ඉනික්බිති ඔහු පන්දු 22 දී ලකුණු 50 ක් ලබමින් බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායමේ ලකුණු පූවරුව පන්දු ඕවර් 20 නිමා වේ කඩුලු 5 ට ලකුණු 179 දක්වා ඔසවා තැබීය.එයින් වුණ හානිය නිසා ලැබුණු ලකුණු 179 ක ඉලක්කය පසු කරන්නට අන්තිම පන්දුව තෙක්ම විශිෂ්ඨ සටනක නියැලුණ ද,අසේල ගුණරත්නගේ උත්සාහය තරගයේ අවසාන පන්දුවේදී ව්‍යර්ත විය.


නිවැරදිව ග්‍රහණය කර නොගැනීම නිසා ලෝන්ග් ඕන් කළාපයේදී ගිලිහී ගිය දිනේෂ් රාමඩීන්ගේ උඩ පන්දුව විස්තර විචාරකයන් හැඳින්වූවේ කවර් පොයින්ට් සහ එක්ස්ට්‍රා කවර් අතරින් කියන්නාක් මෙන් සිකුගේ ප්‍රසන්නගේ දෑත් අතරින් ලැබුණු ලකුණු හතරක් හැටියටය.සීකු මතම පරාජය පැටවීම අදහස නොවුණත්,පැහැදිළිව විශිෂ්ඨ පිතිකරුවෙකුට උඩ පන්දුවක් අත හැර ලබා දෙන අවස්ථාව නතර වෙන්නේ ඔහු පෞද්ගලිකව විශාල ලකුණු ගණනකට යමින් සහ ඔහුට එරෙහි කණ්ඩායමටම පරාජය වන්නට පාර සකසමින්ය.උඩ පන්දුවක වැදගත්කම තව දුරටත් හොඳින් පැහැදිළි වූයේ බ්‍රයන් ලාරා විසින් කුමාර සංගක්කාර දවා ගැනීම සඳහා රැක ගත් උඩ පන්දුව නිසාය.


රාමඩීන්ට ලැබුණු ආශිර්වාදය මත රැස් කළ අර්ධ ශතකය මෙන්ම බ්‍රයන් ලාරා ද ලකුණු 41 ක් ලබා ඉණිම අත් හිටවූ අතර ඔහු එම ලකුණු 41 සඳහා වැය කළේ පන්දු 33 ක් පමණි.චැඩ්වික් වෝල්ටන් ද පන්දු 20 න් ලකුණු 31 ක් ලබා කොදෙව් ඉණිම වේගවත්ව ගොඩ නඟන්නට දායකත්වය දැක්වීය.
නුවන් ප්‍රදීප්,අසේල් ගුණරත්න සහ ජීවන් මෙණ්ඩිස් අතරේ කඩුල්ල බැඟින් බෙදී ගිය අතර වැඩිම ප්‍රහාරයට ලක් වූ සුරංග ලක්මාල්ට එම ඉරණමට මුහුණ දෙන්නට සිඳු වූයේ ද දිනේෂ් රාමඩීන්ගේ උඩ පන්දුව සීකුගේ ප්‍රසන්නගේ අත් අතරින් ගිලිහී ගිය උඩ පන්දුවය.


පිළිතුරු ඉණිමේදී උපුල් තරංගගෙන් ලකුණු 30 ක් වාර්තා විය.අවසාන භාගයේදී පන්දු 10 දී ලකුණු 21 ක් රැස් කරමින් ඉසුරු උදාන ද හොඳ දායකත්වයක් ලබා දුන්නේය.තරගයේ අවසාන පන්දුවට දැවී යන තෙක්ම ජයග්‍රහණය වෙනුවෙන් උත්සාහය අත් නොහැරි අසේල ගුණරත්න අපූරු ඉණිමක් දියත් කරමින් පන්දු 42 දී ලකුණු 66 ක් රැස් කළේය.අතර මැද ඔහු සමඟ හොඳ සබඳතා කිහිපයක් ගොඩ නැඟුණිනම් සීකුගේ විසින් අත හරින ලද උඩ පන්දුවේ පාඩුව මකා ගන්නට තිබිණ. එහෙත් පන්දු යැවීමේදී කැපී පෙණුන ටිනෝ බෙස්ට් ලකුණු 27 ට කඩුලු 4 ක් දවා ගනිමින් ඊට ඉඩ ලබා නොදෙමින් ජයග්‍රහණයේ වීරයා බවට පත් විය.
ලකුණු සටහන https://bit.ly/4krT6RD

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...

රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...

24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!

කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...

2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 අයවැය දෙවන වර කියවීම වැඩි...