විදෙස්ගත ශ්‍රමිකයින්ට සහ සංචාරක කර්මාන්තයේ නියුතු අයටත් විශ්‍රාම වැටුපක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් සහ සංචාරක කර්මාන්තයේ නියුතු අයට විශ්‍රාම වැටුපක් ලබාදීම සඳහා දැනමත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බව විදේශ කටයුතු, සංචාරක හා විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ඒ වෙනුවෙන් සමාජ ආරක්ෂණ මණ්ඩලය සමග විදේශ රැකියා නියුක්ති කාර්යාංශය ගිවිසුමක් ද අත්සන් තබා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

“අපේ රටින් රැකියා සඳහා විදේශ ගතවන විදෙස් ගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුප් ලබාදෙන්න කියන ඉල්ලීම පසුගිය කාලය පුරාම තිබුණා. ඒ වගේම අපේ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු රියදුරු රැකියා, ඒ වගේම සංචාරක මාර්ගෝපදේශකයින්, ඒ වගේම වක්‍රව සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වෙන බොහෝ පිරිසට වයසට ගිය විට තමන්ට ජීවත් වෙන්න ක්‍රමයක් නැති වෙනවා. ඒ නිසා ඔවුන්ටත් විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දෙන්න කියලා යෝජනාවක් තියෙනවා. අපි දැනටමත් සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශ්‍යයේ තියෙනවා සමාජ ආරක්ෂණ අරමුදල. ඒ අරමුදලත් එක්ක අවබෝධතා ගිවිසුමක් අපේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනටමත් අත්සන් කරලා තියෙනවා. ඒ හරහා දැනටමත් විදේශ ගත ශ්‍රී ලාංකියින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් තිබෙනවා. නමුත් මේක ගොඩක් විදේශගත ශ්‍රමිකයින් දන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා මේ අරමුදල හරහා මේ ස්ථාපිත කරලා තියෙන විශ්‍රාම වැටුප් ක්‍රමවේදය නැතිනම් දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදය මාසිකව ඔවුන් යම් කිසි මුදලක් බැර කළාට පස්සේ ඒ එකතුවෙන අරමුදලින් ඔවුගේ විශ්‍රාම වැටුප් ලබාදෙන ක්‍රමය විදිමත් විදිහට දැනුවත් කිරීම් හරහා ශක්තිමත්ව කරන්න. ඒ නිසා සංචාරක ක්ෂේත්‍රයේ හා විදේශ රැකියාවල ඉන්න අයටත් විශ්‍රාම වැටුප් ලබාදීමේ ක්‍රමවේදය දැනටමත් ආරම්භ කරලා තියෙනවා. ඒක තව ශක්තිමත්ව දැනුවත් කිරීම් හරහා මේ ක්ෂේත්‍ර දෙකේම ඉන්න අයට හඳුන්වා දීමට අපි පියවර අරගෙන තියෙනවා”

විජිත හේරත් අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (මාර්තු 15) පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...