හෙට කල්වේලාව ඇතිව පැමිණෙන්න – සාපෙළ දරුවන්ට විභාග කොමසාරිස් කියයි.

Date:

රෂිකා හෙන්නායක මාර්තු 16, කොළඹ (LNW):

හෙට දිනයේ ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන අපේක්ෂකයන්ට විභාග මධ්‍යස්ථාන වෙත කල්වේලාව ඇතිව පැමිණෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඉල්ලීමක් කරයි.

ඒ අනුව, විභාග කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටින්නේ. තමන්ට අදාළ ප්‍රවාහන සේවාවන් පිළිබඳව විභාග කාල සීමාව තුළ දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසයි.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,663ක දී පැවැත්වෙන විභාගය සඳහා සිසුන් 474,147 දෙනෙකු පෙනී සිටීමට නියමිත අතර, විභාගය ආරම්භ වීමට පැය භාගයකට පෙර සියළු විභාග අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බව ද විභාග කොමසාරිස්වරයා දැනුම්දෙයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේ, විභාගයේ දී සිදුවන අක්‍රමිකතා අවම කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...

රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….

දෙසැම්බර් 31, කොළඹ LNW : මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි...

ජොන්ස්ටන්ගේ පුත්‍රයා රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය...

ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත...