පාකිස්තානයේ පිපිරීමක් හේතුවෙන් ආරක්ෂක නිලධාරීන් පස් දෙනෙකු මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පකිස්ථාන බලුකිස්තාන පළාතේ නොෂ්කි දිස්ත්‍රික්කයේ ආරක්ෂක හමුදා ගමන් ගත් බස් රථයක් අසල මාර්ගයක තිබු බෝම්බ පිපිරීමකින් අවම වශයෙන් නිලධාරීන් පස් දෙනෙකු මිය ගොස් 30 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බව නොෂ්කි දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හෂීම් මොමන්ඩ් මාධ්‍ය වෙත වාර්තා කර තිබේ.

ප්‍රහාරයේ වගකීම බලුකිස්තාන විමුක්ති හමුදාව (BLA) විසින් භාරගෙන ඇති අතර එම පළාතේම මඟින් 33 දෙනෙකුට මාරු කඳවු, මගින් 400ක් සමග දුම්රියක් පැහැරගෙන දින තුනකට පසු ආරක්ෂක අංශ ඉලක්ක කරගත් මෙම පිපිරිම සිදු වී ඇත.

පකිස්තානයේ අගමැති ෂෙබාස් ෂරීෆ් ද ප්‍රහාරය හෙළා දැක ඇති අතර බලුකිස්තානයේ මහ ඇමති සර්ෆ්රාස් බුග්ටි ප්‍රහාරය හෙළා දුටු අතර ජීවිත හානි පිළිබඳව සිය ශෝකය පල කරමින් කියා තිබුණේ, බලුකිස්තානයේ සාමය සමඟ සෙල්ලම් කරන අයට ඛේදජනක අවසානයක් ගෙන එනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...

යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...

විවේචනයද ? අපහාසයද?

උපාලි කොළඹගේ කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉතාමත් පහත්...