සතොස භාණ්ඩ කිහිපයක මිල පහළට!

Date:

කොළඹ LNW:ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබේ.

ඒ අනුව දිවයින පුරා සතොස අලෙවිසැල් මගින් අඩු කරන මිල ගණන් යටතේ මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට අද (18) දින සිට ලබා ගත හැකියි.

අඩුකරන ලද මිල ගණන් අනුව දුඹුරු සීනි කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 08 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 277 කි.

රතු පරිප්පු කිලෝග්‍රෑම් 01ක් රුපියල් 04කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 279 ක්.

පාන්පිටි කිලෝග්‍රෑම් 01ක් රුපියල් 02කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 162 ක් වන විට ටින් මාළු ග්‍රෑම් 425,රු.10කින් අඩුකර තිබේ. එහි නව මිල රු.490කි.

අර්තාපල් කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 13 කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 185 ක් ලෙස දැක්වෙයි.

මේ අතර සුදු කව්පි කිලෝග්‍රෑම් 01ක් රුපියල් 45කින් අඩු කර තිබේ. ඒ අනුව එහි නව මිල රුපියල් 750 කි.

ලොකු ලුණු කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 25කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 160ක් බව සතොස නිවේදනය කරයි.

එමෙන්ම සුදු ලුණු කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 20කින් අඩු කර ඇත. එහි නව මිල රුපියල් 575 ක් ලෙස දැක්වෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 15ක දිගු නිහැඩියාවකින් අනතුරුව ජපානය ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය නැවත විවර කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 15ක දිගු...

Fairway Holdings 7 වැනි සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය වන‘Fairway Latitude’ දියත් කෙරේ 

Fairway Holdings සමාගම සිය 7 වන සුඛෝපභෝගී මහල් නිවාස සංවර්ධන...

Softlogic Life නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ...