සතොස භාණ්ඩ කිහිපයක මිල පහළට!

කොළඹ LNW:ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබේ.

ඒ අනුව දිවයින පුරා සතොස අලෙවිසැල් මගින් අඩු කරන මිල ගණන් යටතේ මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට අද (18) දින සිට ලබා ගත හැකියි.

අඩුකරන ලද මිල ගණන් අනුව දුඹුරු සීනි කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 08 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 277 කි.

රතු පරිප්පු කිලෝග්‍රෑම් 01ක් රුපියල් 04කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 279 ක්.

පාන්පිටි කිලෝග්‍රෑම් 01ක් රුපියල් 02කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 162 ක් වන විට ටින් මාළු ග්‍රෑම් 425,රු.10කින් අඩුකර තිබේ. එහි නව මිල රු.490කි.

අර්තාපල් කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 13 කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 185 ක් ලෙස දැක්වෙයි.

මේ අතර සුදු කව්පි කිලෝග්‍රෑම් 01ක් රුපියල් 45කින් අඩු කර තිබේ. ඒ අනුව එහි නව මිල රුපියල් 750 කි.

ලොකු ලුණු කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 25කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 160ක් බව සතොස නිවේදනය කරයි.

එමෙන්ම සුදු ලුණු කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 20කින් අඩු කර ඇත. එහි නව මිල රුපියල් 575 ක් ලෙස දැක්වෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...