අතුරුදහන් පොලිස්පති හොයන්න තවත් පොලිස් කණ්ඩායම් 4ක් එක්වෙයි!

Date:

කොළඹ LNW:විවෘත වරෙන්තු නිකුත් කර තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ව සෙවීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තවත් පොලිස් කණ්ඩායම් 4ක් යොදවා ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව පොලිස්පතිවරයා සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් 10ක් ක්‍රියාත්මක වෙයි.

මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් පමණක් නොව අභියාචනාධිකරණ ද නියෝග කළේ පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිපත් කරන ලෙසයි.

ඒ,තමන්ව අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝගයක් ලබා දෙන්නැයි ඉල්ලමින් දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ගොණු කර තිබුණු රීට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කිරීමට නියෝග කළ අවස්ථාවේදීය.

2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේදී මනුෂ්‍ය ඝාතනයකට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය මස 28 වැනිදා නියෝග කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...

නන්දන ඔබට සුභ ගමන්.

නන්දන ගුණතිලක සහෝදරයා ජාතියට සමුදෙමින් අවසන් ගමන් ගියා.නන්දන මිය...

වසර 15ක දිගු නිහැඩියාවකින් අනතුරුව ජපානය ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය නැවත විවර කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 15ක දිගු...

Fairway Holdings 7 වැනි සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය වන‘Fairway Latitude’ දියත් කෙරේ 

Fairway Holdings සමාගම සිය 7 වන සුඛෝපභෝගී මහල් නිවාස සංවර්ධන...