අද දහවල් 12 න් පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අවසන්!

0
344

රෂිකා හෙන්නායක මාර්තු 19, කොළඹ (LNW):

අද(19) දහවල් 12 න් පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අවසන් වේ. දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලදී ඇප මුදල් තැන්පත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය.

මැතිවරණයේ ඇප මුදල් භාර ගැනීම පසුගිය 03 වැනි දා ආරම්භ කෙරුණි. තවද, පළාත් පාලන මැතිවරණයේ  නාමයෝජනා භාර ගැනීම හෙට දහවල් 12 න් අවසන් වීමට නියමිතයි. මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී එම කටයුතු සිදුවන බවය.