*
Wednesday, March 19, 2025
spot_img

Latest Posts

ආසියාව සමඟ ගැටෙන්නට පළමුවෙන් හෙට ලාඕසය සමඟ මිතුරු හමුවක්

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 19, (LNW)කොළඹ

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම හෙට ලාඕසය සමග තරග බිමට පිවිසෙනවා.ආසියානු කුසලාන 2027 තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සදහා වන තරගාවලියේ දී ශ්‍රී ලංකාව අයත්වන ඩී කාණ්ඩයේ තරග සඳහා සහභාගි වීමට ප්‍රථමයෙන් ලාඕසය මේ තරගය සඳහා සිය මිත්‍රත්වයේ දෑත ශ්‍රී ලංකාවට දිගු කිරීම වැදගත් වෙනවා.ඒ අනුව ලාඕසයේ විශාලතම නගරය මෙන්ම අග නගරය ද වන වියෙන්ටේන් හී මෙම තරගය මාර්තු 20 දා පැවත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.ලාඕසය මේ වන විට ලොව 186 වන තැනත්,ශ්‍රී ලංකාව 200 වන තැනත් පසු වුව ද,වර්ථමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්වභාවය අනුව තරගයේ තීරණය ශ්‍රී ලංකාවට වාසිදායක ලෙස නිමා විය හැකියි.


ශ්‍රී ලංකාව ආසියානු තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා වන තරගයට මුහුණ දෙන්නේ මාර්තු 25 වන දිනයි.තායිලන්තයේ බැංකොක් නුවරදී එම හමුවීම සිඳුවීමට නියමිතව තිබෙනවා.තායිලන්තය මේ වන විට ජගත් ශ්‍රේණිගත කිරීම්වල 97 වන තැන පසුවන බැවින් මේ තරගය ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් වෙනවා.එහි දෙවන තරගය පැවත්වෙන්නේ ජූනි 10 වන දා යි.චීන තායිපේ කණ්ඩායම සමඟ එම තරගය පැවත්වීමට නියමිතයි.චයිනීස් තායිපේ කණ්ඩායම මේ වන විට 165 වන ස්ථානයේ පසුවෙනවා.
තෙවැනි සහ සිව්වැනි තරගවලදී ශ්‍රී ලංකාව මුහුණ දෙන්නේ දැනට ලොව 143 වන තැන සිටින ටර්කිමෙනිස්තානය සමඟයි.එම තරග මේ වසරේ ඔක්තෝම්බර් 09 වන දා සහ 14 වන දා පැවත්වීමට යෝජනා වී තිබෙනවා.ශ්‍රී ලංකාව නොවැම්බර් 18 වන දා යළිත් තායිලන්තයත්,2026 මාර්තු 31 වන දා යළි චීන තායිපේ කණ්ඩායමත් හමුවීමට නියමිතව තිබෙනවා.


මේ වන විට ජගත් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව සිටින කාණ්ඩයේ කණ්ඩායම් සමඟ ගත් විට ශ්‍රී ලංකාව පසුපසින්ම සිටින කණ්ඩායම වුව ද,නව ව්‍යහුයමය වෙනස්කම් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම සිටින තත්ත්වය අනුව මේ තරගාවලිය තුළත්,ඒ අතරවාරයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබෙන වෙනත් තරගවලත් ආධාරයෙන් දැනට පවතින ශ්‍රේණිය වඩාත් යහපත් තැනෙක සිටුවා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වෙනු ඇතැයි අපේක්ෂා කරනවා.


මෙ සමග දැක්වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ලාඕස තරගයට පෙර පෙර පුහුණු සාකච්ඡා සැසියක යෙදී සිටි අන්දමයි.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan