දේශබන්දු හැංගිලා හිටි තැනින් එළියට ආවේ දේපළ නිසා ?

Date:

දින 20ක් තිස්සේ අධිකරණය සහ පොලීසිය මගහරිමින් සැඟවී සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද උදෑසනම මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාරවී තිබිණි.

තමන්ව අත් අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලමින් ඔහු අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සම අභියාචනාධිකරණය විසින් පසුගියදා ප්‍රතික්ෂේප කරන ලදී. නමුත් එම අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ පෙත්සමක් ගොනුකර තවදුරටත් සැඟවී සිටීමට නොයා ඔහු කඩිනමින් පැමිණ අධිකරණයට භාරවුණේ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පසුගිය 09 වනදා සිදුකළ ප්‍රකාශයක් නිසා බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

යම් සැකකරුවෙකු වරෙන්තුවක් තිබියදී දිගින් දිගටම අධිකරණය මගහැර සිටින්නේ නම් ඔහුගේ දේපළ තහනම් කිරීමට හැකිවන පරිදි චක්‍රලේඛයක් ඇති බව සුනිල් වටගල මහතා එදින මෝදර ප්‍රදේශයේ පැවති උත්සවයකදී ප්‍රකාශ කර තිබුණේ අදාළ චක්‍රලේඛයේ පිටපතක් ද පෙන්වමිනි. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව විවෘත වරෙන්තුවක් ලබාගැනීමට ද පොලීසිය පසුගිය 11 වනදා කටයුතු කළේය.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් ඉදිරියට යමින් ඊයේ (18) දිනයේදී දේශබන්දු තෙන්නකෝන්ගේ හෝකන්දර නිවස සෝදිසි කර එහි තිබුණු මත්පැන් බෝතල් තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබූ අතර ඔහුගේ දේපළ තහනමට අදාළ ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බවට පුවතක් ද මාධ්‍ය තුළ සංසරණය විය.

මේ තත්වය තුළ තම දේපළවලට අදාළව පොලීසිය තවදුරටත් ක්‍රියාමාර්ග ගතහොත් එය, දිගට ඇදෙන අනවශ්‍ය විශාල කරදරයක් විය හැකි නිසා දේශබන්දු තෙන්නකෝන් මහතා අද උදෑසනින්ම අධිකරණයට පැමිණ භාරවී ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර CID අධ්‍යක්ෂවරයා ලෙස පත්වෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී...

‘Dream Destination’ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය නිළවශයෙන් ඇරඹෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

මිලාන් ගේ ගොඩට කුසලුත් වැටෙයිද?

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

ශ්‍රී ලංකාවට ඉණිමක සහ ලකුණු 78 ක ජයක්ප්‍රභාත්ගෙන් ලකුණු 56 ට කඩුුලු 5 ක්

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...