ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා සූරතාවලියට මීටර් 400 පිරිමි සහ කාන්තා කණ්ඩායම් අයත් වේ

Date:

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 19, (LNW)කොළඹ

චීනයේ නැන්ජින් නුවර ආරම්භ වීමට නියමිත ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා සූරතාවලිය සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා මීටර් 400 පිරිමි සහ කාන්තා සහය දිවීම් කණ්ඩායම් ඒ සඳහා මාර්තු 19 වන දින නැන්ජින් බලා පිටත්ව යාමට නියමිතයි.මෙම සහය දිවීමේ කණ්ඩායමට ඇතුළත් වන කාලිංග කුමාරගේ මීටර් 400 තරගය ද නියෝජනය කරන අතර කාලිංග ඇතුළුව සමස්ත මීටර් 400 පිරිමි සහය දිවීමේ කණ්ඩායම පහත දැක්වෙනවා.


කාලිංග කුමාරගේ,රන්දිම මධුෂාන්,සදෙව් රාජකරුණා,ඔමෙල් එස් සිල්වා,ආර්.පී.ඉසුරු ලක්ෂාන්
කාන්තා මීටර් 400 සහය දිවීමේ කණ්ඩායමට ද අවස්ථාව හිමිවන අතර ඒ අනුව මීට වසර 24 ට පෙර ශ්‍රී ලංකාව ලෝක ගෘහස්ථ සූරතාවලියක ඉසව් හතරක් නියෝජනය කිරීමෙන් අනතුරුව මෙවර නියෝජනයේදී ශ්‍රී ලංකාවට ඉසව් පහක් නියෝජනයට අවස්ථාව හිමි වෙනවා.සමස්ත කණ්ඩායමට පුහුණුකරු සහ කළමණාකරු ලෙස සංජීව විරක්කොඩි නම් කර තිබෙන අතර මීටර් 60 නියෝජනය කරන චමෝද් යෝධසිංහ,මීටර් 60 කඩුලු නියෝජනය කරන කවීහ බණ්ඩාර ද අයත්වන මෙම කණ්ඩායම සමඟ කාන්තා සහය දිවීම සඳහා එකතුවන කණ්ඩායම පහතින් දක්වා තිබෙනවා.
නදීෂා රාමනායක,එල්.සයුරි මෙන්ඩිස්, නිෂේන්ද්‍රා ද සිල්වා,ජයේෂි උත්තරා,ජිත්මා විජේතුංග

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...