ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා සූරතාවලියට මීටර් 400 පිරිමි සහ කාන්තා කණ්ඩායම් අයත් වේ

Date:

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 19, (LNW)කොළඹ

චීනයේ නැන්ජින් නුවර ආරම්භ වීමට නියමිත ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා සූරතාවලිය සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා මීටර් 400 පිරිමි සහ කාන්තා සහය දිවීම් කණ්ඩායම් ඒ සඳහා මාර්තු 19 වන දින නැන්ජින් බලා පිටත්ව යාමට නියමිතයි.මෙම සහය දිවීමේ කණ්ඩායමට ඇතුළත් වන කාලිංග කුමාරගේ මීටර් 400 තරගය ද නියෝජනය කරන අතර කාලිංග ඇතුළුව සමස්ත මීටර් 400 පිරිමි සහය දිවීමේ කණ්ඩායම පහත දැක්වෙනවා.


කාලිංග කුමාරගේ,රන්දිම මධුෂාන්,සදෙව් රාජකරුණා,ඔමෙල් එස් සිල්වා,ආර්.පී.ඉසුරු ලක්ෂාන්
කාන්තා මීටර් 400 සහය දිවීමේ කණ්ඩායමට ද අවස්ථාව හිමිවන අතර ඒ අනුව මීට වසර 24 ට පෙර ශ්‍රී ලංකාව ලෝක ගෘහස්ථ සූරතාවලියක ඉසව් හතරක් නියෝජනය කිරීමෙන් අනතුරුව මෙවර නියෝජනයේදී ශ්‍රී ලංකාවට ඉසව් පහක් නියෝජනයට අවස්ථාව හිමි වෙනවා.සමස්ත කණ්ඩායමට පුහුණුකරු සහ කළමණාකරු ලෙස සංජීව විරක්කොඩි නම් කර තිබෙන අතර මීටර් 60 නියෝජනය කරන චමෝද් යෝධසිංහ,මීටර් 60 කඩුලු නියෝජනය කරන කවීහ බණ්ඩාර ද අයත්වන මෙම කණ්ඩායම සමඟ කාන්තා සහය දිවීම සඳහා එකතුවන කණ්ඩායම පහතින් දක්වා තිබෙනවා.
නදීෂා රාමනායක,එල්.සයුරි මෙන්ඩිස්, නිෂේන්ද්‍රා ද සිල්වා,ජයේෂි උත්තරා,ජිත්මා විජේතුංග

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධවල මන්දිරයේ නවතම තීරණය: ශ්‍රී ලංකාවටත් බලපායි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වැඩසටහන් 24කට...

ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන මාතලෙන් ඇරඹේ!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට...

ඊශ්‍රායල ගැටුමෙන් මියගිය හමුදා නායකයින් සඳහා ඉරානය රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් එල්ල...

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...