වැලිකන්ද පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝගයක්!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 19, කොළඹ (LNW):

වැලිකන්ද පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙන අතර, එසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලොන්නරුව අංක 2 මහේස්ත්‍රාත් අධිකරණය  පොලීසියට ඊයේ නියෝග කළා.

වැලිකන්ද පොලීසිය මීට මාස කිහිපයකට පෙර  ගවයින් 20 දෙනෙකු සමග සැකකරුවන්  දෙදෙනෙකු අත්අඩංගුවට  ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර, එහිදී අධිකරණය නියෝග කර තිබුණේ අදාළ ගවයන් රජයේ ගොවිපලකට භාර දීමට වුවත්, හිටපු ස්ථානාධිපතිවරයා එම නියෝගයට පටහැනිව ක්‍රියා කරමින්  ගවයන් යළි ජාවාරම්කරුවන් දෙදෙනාටම විකුණා තිබුණු බව වාර්තා වේ. එබැවින්, හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝගය කර ඇත්තේ, අධිකරණ නියෝගයට පටහැනිව ක්‍රියාකිරීම හේතුවෙනි.

ඔහුට විදෙස්ගමන් තහනමක් ද ලබාදී තිබුණි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නිර්නාමික පෙත්සම් මගින් පොලොන්නරුව මහේස්ත්‍රාත්වරයාට කරුණු දක්වා ඇති බව ද වාර්තා වේ. තවද මහේස්ත්‍රාත්වරයා මේ සම්බන්ධයෙන් පෞද්ගලිකව තොරතුරු සොයා බලා ඇති බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැවත ඉරානයට බෝම්බ හෙලීමට දෙවරක් නොසිතන බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයට යුරේනියම් සැලකිය...

නොකියනු මැන හැකර කතා !

උපාලි කොළඹගේ කොළඹ LNW:කට හැකරකම මෝඩයන්ට මිස විදග්ධ හෝ පරිණත...

ධවල මන්දිරයේ නවතම තීරණය: ශ්‍රී ලංකාවටත් බලපායි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වැඩසටහන් 24කට...

ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන මාතලෙන් ඇරඹේ!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට...