කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ජනක රත්නායකට නොතීසි!

රෂිකා හෙන්නායක මාර්තු 19, කොළඹ (LNW):

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්, මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට නොතීසි නිකුත් කර ඇත.

ඔහුට එරෙහි චෝදනාව දීඇත්තේ, අවිවාහක කාන්තාවක අපයෝජනය කර සිය ලේකම්වරියක ලෙස ආයතනයේ සේවයේ යොදවමින් දිගින් දිගටම ඇය අපයෝජනයට ලක්කරමින් විඩියෝ කර ඒවා මුදා හරින බවට තර්ජනය කිරීමයි.

මෙම චෝදනාවට ඔහු සැකකරුවෙකු ලෙස නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ෂණ ඒකකය අධිකරණයට දැනුම් දී තිබෙන අතර ඒ අනුව අ‍ප්‍රේල් දෙවන දා අධිකරණයේ පෙනී සිටින ලෙස ඔහුට නොතිසි නිකුත් කෙරුණ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...