මන්ත්‍රී අර්ජුනාට මිලියන 500ක එන්තරවාසියක්!

Date:

ඕවින්දි විෂ්මිකා

මාර්තු 19, කොළඹ (LNW): පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා විසින් ෆේස්බුක් සමාජ මාධ්‍යයේ කරන ලදැයි පවසන අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන්
රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ගෙවන ලෙස ඉල්ලා නීතිඥයන් මාර්ගයෙන් එන්තරවාසියක් යවා ඇති බවට වාර්තා වේ.

මෙම එන්තරවාසිය පසුගිය මාර්තු 10 වැනි දින නීතිඥ බාලචන්ද්‍ර තිනේෂ් මහතා විසින් තම සේවාදායකයා වන 59 හැවිරිදි ජර්මානු පුරවැසියෙකු වන රත්නම් ශ්‍රීහරන් මහතා වෙනුවෙන් යවා ඇති බවට අනාවරණය විය.

මෙහිදී අර්චුනා රාමනාදන් සහ එච්.බී. සමරකෝන් මහතා, 2025 පෙබරවාරි 12 වන දින ෆේස්බුක් හි පළ කළ බවට අනාවරණය වූ අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් චෝදනා ලැබූ අතර එහි දී විත්තිකරු වූ ශ්‍රීහරන් මහතා අපරාධ ක්‍රියාකාරකම් සහ මූල්‍ය වංචාවලට සම්බන්ධ යැයි කළ ප්‍රකාශයන්ගේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රීහරන් මහතාගේ බිරිඳ සහ දියණිය දැඩි මානසික පීඩාවට සහ මහජන නින්දාවට ලක් වු බවට ද ශ්‍රීහරන් මහතාගේ කීර්ති නාමයට ද දැඩි ලෙස හානි කර ඇති අතර ඔහුගේ වෘත්තීය දිවියට ද කැළලක් ඇති කර ඇති බවට චෝදනා කර ඇත.

මෙම හැසිරීම සම්බන්ධයෙන් අර්චුනා රාමනාදන් මහතාට අවස්ථා කිහිපයකදී අවවාද කර තිබුණත් ඔහු ඒ සම්බන්ධයෙන් සැලකිල්ලක් නොදක්වන බව නිරීක්ෂණය වී ඇති අතර නුසුදුසු ප්‍රකාශ සහ කළහකාරී සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහු පාර්ලිමේන්තුවේ ගරු කථානායකවරයාගෙන් පවා අනතුරු ඇඟවීම්වලට ලක්ව ඇත.

අද වන විට ඔහුගේ මෙම ක්‍රියාවන් ජාතික සමගියට හා සංහිඳියාවට ද තර්ජනයක් වී ඇත.

කෙසේ වෙතත්, නීතිඥ බාලචන්ද්‍ර තිනේෂ් මහතා විසින් යවන ලද එන්තරවාසියේ පැහැදිලි ව සඳහන් කර ඇත්තේ මන්ත්‍රීවරයා විසින් කරන ලද අපහාසාත්මක ප්‍රකාශයන් ඉවත් කරගන්නා ලෙසත් ප්‍රසිද්ධියේ ලිඛිතව සමාව අයදින ලෙසත් විශේෂයෙන් අසත්‍ය ප්‍රකාශයන්ගෙන් වැළකී සිටීමට පොරොන්දුවක් ලබා දෙන ලෙසටත් බව වාර්ථා විය.

තවද දින 14ක් ඇතුළත එම ඉල්ලීම්වලට අනුකූල වීමට අපොහොසත් වුවහොත් අපහාස නඩු ගොනු කරන බවට ද එන්තරවාසියේ තවදුරටත් සඳහන් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරේ ඉඩම් අක්කර 5941ක් රජයට පවරා ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් !

උතුරු පළාතේ පිහිටි, හිමිකම් ප්‍රකාශ කර නොමැති ඉඩම් අක්කර...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 28) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ශානි අබේසේකර යළි CID අධ්‍යක්ෂ තනතුරට ?

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා...