දඩයක්කරු දඩයම බවට පත්වීමේ මොහොත ….

Date:

දවස් 20ක් තිස්සේ පොලීසිය මගහරිමින් හැංගිලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ (19) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට බාරවුණා. ඔහු දැන් ඉන්නේ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රිමාන්ඩ් සිරකරුවෙක් හැටියට. ඔහුව ඇප මත නිදහස් කරනවාද නැද්ද කියන එක ගැන තීන්දුව අද (20) ලැබේවි.

දේශබන්දු තෙන්නකෝන් කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ පාලකයින්ගේ වුවමනාවන් වෙනුවෙන් සහ තමන්ගේ වුවමනාවන් වෙනුවෙන් දඩයමේ ගිය දඩයක්කාරයෙක්. අද ඔහු දඩයම බවට පත්වෙලා. එදා ඔහුව දඩයමේ යවපු, ඔහුත් එක්ක දඩයමේ ගියපු කවුරුවත් අද ඔහු වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී ඉන්නේ නෑ. දේශබන්දුලා දඩයමේ යනකොට හුරේ දාපු ජනතාවත් අද ඔහුගේම පතුරු අරිමින් ඉන්න බව පේනවා. සමාජය ක්‍රියාත්මක වෙන්නේ ඔහොමයි.

මේ වගේ දවසක් උදාවෙයි කියලා දේශබන්දු තෙන්නකෝන් කවදාවත් හිතන්න නැතුව ඇති. නමුත් ඒ දවස උදාවෙලා තියෙනවා ….

ගතවුණු දවස් 20 ඇතුළත දේශබන්දු ලංකාව ලෝකය ඉදිරියේ විහිළුවක් බවට පත්කළා. තමන්ගෙම පොලිස්පති හොයාගන්න බැරුව මහ රෑ ගෙවල්වලට පැන පැන පිස්සු කෙළින පොලීසියක් සහ බුද්ධි අංශ ඉන්න රටක් හැටියට ලෝකයේම අපි ප්‍රසිද්ධියට පත්වුණා. දේශබන්දු මාතර උසාවිය ඇතුළට ඇවිත් වාඩිවෙලා ඉන්න තුරුත් ඔහුව අල්ලාගන්න අපේ පොලීසියට හෝ බුද්ධි අංශවලට බැරිවුණා.

පොලීසිය කියන්නේ රාජ්‍යයේ මර්දන යන්ත්‍රයක්. ඔය මර්දන යන්ත්‍රය ජනතාවට ඔරවාගෙන, ගොරවාගෙන, ඉඳහිටලා එකෙක් දෙන්නෙක්ව හපාකාගෙන එහෙම ජනතාව බියවද්දාගෙන ඉන්නවා දකින්න කොයි පාලකයාත් හරිම කැමතියි. “බලය” ක්‍රියාත්මක වෙන්නේ එහෙම සාධකත් එක්ක. ඔය වටපිටාව ඇතුළේ ඇත්තටම දේශබන්දුගේ අතේ කොතෙක් ලේ තැවරිලා තියෙනවාද, රාජ්‍යය වෙනුවෙන් ඔහු කරපු අපරාධ කොච්චරක්ද කියන එක නම් කවදාවත්ම හරියටම දැනගන්න වෙන්නෙ නෑ කියන එක විතරක් ෂුවර්. මේ මොහොතේ උද්දාමයෙන් ඉන්න කට්ටිය ඒක මතක තියාගන්න ඕනේ.

මේ නිශ්චිත නඩුව විතරක්ම ගත්තත් ආරම්භයේ පටන්ම ඒක කැරකෙන දිශාවන් අනුව මොන පැත්තට හැරිලා නතරවෙයිද කියන එක ප්‍රශ්නයක්. මොකද, මාධ්‍යවලට හෝ සමාජ මාධ්‍යවලට ඇහෙන්න හෝ පාලකයින්ගේ හිත් දිනාගන්න කියන හැඟීම්බර කතාවලින් නෙවෙයි උසාවියේ කටයුතු තීරණය වෙන්නේ නීති තර්කවලින්. එතැනදී වඩාත් සාර්ථක තර්කය දිනනවා මිසක් යුක්තිය දිනනවාමයි කියලා එකක් නෑ.

දීර්ඝ කාලයක් තිස්සේම දේශබන්දු කියන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය, නිල බලය අවභාවිතා කිරීම් පිළිබඳ ප්‍රධානතම සංකේතයක්. ඉතින් එහෙව් දේශබන්දුට දවස් විස්සක් තිස්සේ හැංගිලා ඉන්න සිදුවීමත්, දැනට එක රැයක් හෝ බන්ධනාගාරයේ තපින්න වීමත් රටක් හැටියට අපි ශිෂ්ට සම්පන්න වීම පැත්තට සිදුවුණු පුංචි හෝ තල්ලුවක් කියලා සලකන්න පුළුවන්.

කොහොමවුණත්, මේක දැනටම බලය අතපත ගාන අයට වගේම ඉදිරියේදී ඔය බලය අතපත ගාන්න බලාගෙන ඉන්න අයටත් හොඳ පාඩමක්. දඩයක්කරු දඩයම බවට පත්වෙන දවසක් එනවා. ඒක මතක තියාගෙන ඔය “බල ක්‍රීඩාව” ඇතුළේ කරන දෙයක් කරන එක තමුන්ගේ ශරීර සෞඛ්‍යයට ගුණයි.

~ රජිත විරාජ්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලබා දුන් සහයෝගයට ස්තූතියි: ඉරාන – ඉන්දීය විදේශ අමාත්‍යවරුන් හමුවෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන විදේශ...

ගාලු පුර ක්‍රීඩා සහ සංස්කෘතික මුසුවකින් හැඩ කළ ඔලිම්පික් දින උළෙල

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්...

ශ්‍රී ලංකාව හරාරේ යන්න නියමිතයි

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ඒකාබද්ධ ගොවි සංවිධානයෙන් රජයට ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : 2024 වසරට සාපේක්ෂව...