රට තුළ ආර්ථික සංවර්ධනය නගා සිටුවීම සඳහා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවෙන් සුවිශේෂී දායකත්වයක්!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 19, කොළඹ (LNW):

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව තුළ ආහාර සුරක්‍ෂිතතාවය ඇති කිරීම උදෙසා කෘෂි ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් රට තුළ ආර්ථික සංවර්ධනය නගා සිටුවීම සඳහා සුවිශේෂී දායකත්වයක් දක්වනු ලබයි. 

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන්ගේ ශ්‍රම දායකත්වයෙන් පසුගිය වර්ෂයේ මහ කන්නයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලට අයත් අක්කර 4471 ක වී වගාව සිදු කිරීමෙන් ලබා ගත් අස්වැන්න වී කිලෝග්‍රෑම් ලක්ෂ 16කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු බලකායන්ට අයත් වී ගබඩා වල ගබඩා කර ඇත.

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරල් කේ එ පි පී ප්‍රනාන්දු (විශ්‍රාමික) ගේ උපදෙස් හා මඟපෙන්වීම මත සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සියලුම වී අස්වනු ජනතාවගේ පරිභෝජනය සඳහා රජයේ පාලන මිල ගණන් යටතේ සමුපකාර තොග වෙළඳ සංස්ථාව වෙත ලබා දීම දැනට කටයුතු සිදුකරමින් පවතී.

මීට අමතරව අක්කර 305ක පමණ භුමි ප්‍රමාණයක බඩඉරිඟු වගා කර ඇති අතර එම වගාවන්ගේ අස්වනු නෙලීම ද මේ වනවිට ආරම්භ කර තිබේන බව වාර්තා වේ.

 

ආර්ථික භෝගයක් වශයෙන් පොල් ද අතුරු භෝග වශයෙන් පළතුරු සහ එළවළු මෙන්ම කුරක්කන්, තල ආදී ධාන්‍ය වර්ග ද වගා කර වෙළඳ පොළට නිකුත් කරමින් ශ්‍රී ලංකාව තුළ ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම වෙනුවෙන් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සිය උපරිම දායකත්වය ලබාදෙමින් සිටින බවයි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...