දේශබන්දු අධිකරණයට රැගෙන එයි!

Date:

කොළඹ LNW:අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කළ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සේවය අත්හිටුවන ලැබ සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට මාතර මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.

ඔහු කළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් තීන්දුව අද (20)පස්වරුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

අත්අඩංගුවට ගන්න ලෙස වරෙන්තු නිකුත් කර තිබූ දේශබන්දු තෙන්නකෝන් මහතා දින 20ට පසු ඊයේ උදෑසන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් විය.

එහිදී අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත් අධිඅක්රණය නියෝග කරනු ලැබීය.

2023 දෙසැම්බර් 31 වැනි දා මාතර වැලිගම W 15 හෝටලය අසල සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙන් එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණය පෙබරවාරි 28 වැනි දා වරෙන්තු නිකුත් කරන ලද අතර දේශබන්දු තෙන්නකෝන් මහතා දින 20ක් සැඟව සිට අනතුරුව මෝසමක් මාර්ගයෙන් ඊයේ දිනා අධිකරණයට භාර විය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...