විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වුණත් මම මේ අයවැයට විරුද්ධ නැහැ – මන්ත්‍රී රෝහිත

Date:

කොළඹ LNW:තමන් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වුවත් ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැයට විරුද්ධ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (21) පාර්ලිමේන්තුවේදී අයවැය අවසන් විවාදයට එක්වෙමින් පැවසුවේය.

විපක්ෂය ලෙස ඉදිරිපත් කළ කරුණුද යෝජනා ලෙස ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යන ලෙස තමන් පවසන බවයි එහිදී මන්ත්‍රීවරයා සඳහන් කළේ.

” ආණ්ඩුවක් හැටියට ඔබ ගෙනියන මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න. ඒකට සුභ පතනවා. මේ අයවැයට විරුද්ධ නැහැ. පැහැදිලිව කියනවා මම මේ අයවැයට විරුද්ධ නැහැ. මම විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්, මේ අයවැයට විරුද්ධ නැහැ. හැබැයි අපි කියපු දේවල යෝජනාවල් විදිහට අරගෙන මේ ආණ්ඩුව හොඳට කරගෙන යන්න කියල මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලීමක් කරනවා.” යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...