පළාත් පාලන ආයතන සියල්ලේම බලය අපට දෙන්න ජනතාව කටයුතු කරන්න ඕන – ටිල්වින් සිල්වා

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පළාත් පාලන ආයතන සියල්ලේම බලය ජාතික ජන බලවේගයට ලබාදීමට ජනතාව කටයුතු කළයුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කරයි.

“බලයට ඇවිල්ලා මාස පහක් යනකොටම රජයේ සේවකයින්ට වැටුප් වැඩිකර තිබියදීත් බදු අඩුකරලා තිබියදීත් බඩුමිල අඩුකරලා තිබියදීත් පහුගිය කාලෙ රනිල් වික්‍රමසිංහලාත් එක්ක එකට හිටපු අය වෘත්තීය සමිති අටවාගෙන, ඒවායින් රට අපහසුතාවට පත්කරන්න උත්සාහ කරමින් ඉන්නවා. රනිල් වික්‍රමසිංහලා, මහින්ද රාජපක්ෂලා සදාචාරමය වශයෙන් ගත්තොත් ඒගොල්ලන්ට මේ ඡන්දයට ඉදිරිපත් වෙන්නවත් අයිතියක් නෑ, මොකද මේ ඡන්දය නොතියන්න වැඩකරපු කණ්ඩායමක් නිසා. පළාත් පාලන ආයතනවල බලය ආණ්ඩුව දරණ පක්ෂය සතුවීම ඉතා වැදගත් නිසා අපි ජනතාවට කියනවා පළාත් පාලන ආයතන සියල්ලේම බලය මාලිමාවට ලබාදීමට කටයුතු කරන්න ඕන”

ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ “ජය නියතයි – ගම අපටයි” මැයෙන් යුතුව ජාතික ජන බලවේගයේ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරණ වැඩසටහන ආරම්භ කරමින් ඊයේ (මාර්තු 21) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...

නැවත ඉරානයට බෝම්බ හෙලීමට දෙවරක් නොසිතන බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයට යුරේනියම් සැලකිය...