දේශබන්දුයි සෙව්වන්දියි හැංගිලා ඉන්න තැන් දන්නා බවක් මම කොහෙත්ම කිව්වේ නෑ – ඇමති වටගල

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සැඟව සිටි ස්ථානය සහ ගනේමුල්ලේ සංජීව ඝාතනයේ සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දි සැඟව සිටින ස්ථානය තමන් දන්නා බවක් තමන් කිසිසේත්ම ප්‍රකාශ නොකළ බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.

“මම ප්‍රකාශයක් කරලා තියෙනවා ලු දේශබන්දු තෙන්නකෝන් සිටින තැන මම දන්නවා කියලා කිව්වා කියලා. මම එහෙම ප්‍රකාශයක් කරලා නෑ ගරු සභාපතිතුමනි, මම කියලා තියෙන්නෙ ඒ සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ වගේම නීතිය ක්‍රියාත්මක කරලා තියෙනවා, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60, 61, 62 ප්‍රකාරව කටයුතු කිරීමට ගියාට පස්සේ තමයි එතුමා ගරු අධිකරණයට ඇවිල්ලා තියෙන්නෙ. එහෙම නැතිව, මම තවදුරටත් කියනවා විපක්ෂයට මේ බොරුව සමාජගත කරන්න එපා කියලා. සෙව්වන්දි හෝ දේශබන්දු තෙන්නකෝන් හෝ සිටින තැන මම දන්නවා කියලා මම කොහෙවත් කිසිම තැනක කියලා නෑ. ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන බව තමයි කියලා තියෙන්නෙ. මේ තරම් ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරයෙක් වෙලා මේ බොරුව සමාජගත කරන්න එපා කියලා මම කියනවා”

සුනිල් වටගල මහතා මේ බව පැවසුවේ ඊයේ (21) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එහිදී පැවසුවේ සුනිල් මහතා ඉහත කී දෙදෙනා සිටින තැන් දන්නා බවත් නිසි මොහොතේදී ඔවුන්ව අත් අඩංගුවට ගන්නා බවත් කියමින් සිදුකළ ප්‍රකාශයෙහි වීඩියෝ දර්ශන තමන් සතුව ඇති බවත් එය සභාගත කරන බවත් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙල්ල අවසාන තරගයේ සිටින 2000 න් පසුව උපන් එකම ක්‍රීඩකයා රුමේෂ් – අවසාන තරගය අද පස්වරු 3.53 ට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ජපානයේ ටෝකියෝ හී පැවත්වෙන මලල ක්‍රීඩා...

වැසි තත්වයේ වර්ධනයක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 18) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

මේ අයිස් මත්ද්‍රව්‍ය සහ පාතාලය අවසන් කරන වැඩේ අපි කරනවා – මන්ත්‍රී මනුවර්ණ

සටහන - රුවන් නෙළුගොල්ල 2029 ජනාධිපති වීමට සිතාගෙන සිටින ඇතැම්...