පාර්ලිමේන්තුව අසල විරෝධතා වැළැක්වීමට පොලිසිය කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Date:

හෙට (05) සහ අනිද්දා (06) යන දෙදින තුළ පාර්ලිමේන්තුව අසල විරෝධතා පැවැත්වීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය කළ ඉල්ලීමක් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

තලංගම පොලිසිය අද දිනයේදී කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් මෙම ඉල්ලීම කර තිබුණු අතර කළකාරීබව හෝ බාධක ඉවත් කිරීමට අදාළව පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු පිළිබඳ සෑහීමකට පත්විය නොහැකිය යන පදනම මත අධිකරණය මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

ඒ අනුව හෙට දිනයේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ තවත් සංවිධාන ගණනාවක් විසින් පාර්ලිමේන්තුව අසල පැවැත්වීමට නියමිතව ඇති විරෝධතා මාලාවට බාධා කිරීමට රජය වෙනුවෙන් පොලිසිය කළ ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප වූ බවයි නීතීඥවරුන් ප්‍රකාශ කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිලිපීනයට බලපෑ කල්මේගි සුළි කුණාටුව හේතුවෙන් 66 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අධික වර්ෂාව...

වෛද්‍ය සමන් වීරසිංහට රුසියානු ජනපති විසින් ‘මිත්‍රත්වය සඳහා වූ රුසියානු රාජ්‍ය සම්මානය’ පිරිනමයි

රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින් වෛද්‍ය සමන් රංජිත්...

තායිවානයේ පදිංචි ශ්‍රීලාංකික පිරිසකගේ එකමුතුවකින් කිරිගවයින් නිදහස් කිරීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : කැබිතිගොල්ලෑව හඳගල පුරාණගල්ලෙන්...

කිරුළ රැකගන්න ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ හොංකොං බලා යති

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: ලහිරු මධුශංකගේ නායකත්වයෙන් ධනංජය ලක්ෂාන්,තනුක...