පාර්ලිමේන්තුව අසල විරෝධතා වැළැක්වීමට පොලිසිය කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

හෙට (05) සහ අනිද්දා (06) යන දෙදින තුළ පාර්ලිමේන්තුව අසල විරෝධතා පැවැත්වීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය කළ ඉල්ලීමක් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

තලංගම පොලිසිය අද දිනයේදී කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් මෙම ඉල්ලීම කර තිබුණු අතර කළකාරීබව හෝ බාධක ඉවත් කිරීමට අදාළව පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු පිළිබඳ සෑහීමකට පත්විය නොහැකිය යන පදනම මත අධිකරණය මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

ඒ අනුව හෙට දිනයේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ තවත් සංවිධාන ගණනාවක් විසින් පාර්ලිමේන්තුව අසල පැවැත්වීමට නියමිතව ඇති විරෝධතා මාලාවට බාධා කිරීමට රජය වෙනුවෙන් පොලිසිය කළ ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප වූ බවයි නීතීඥවරුන් ප්‍රකාශ කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...