සමඟියේ කොළඹ පුරපති අපේක්ෂකයාත් සූදානම්!

Date:

කොළඹ LNW:සමඟි ජන බලවේගයේ කොළඹ මහ නගර සභා නගරාධිපති අපේක්ෂකයා ලෙස ආචාර්ය වෛද්‍ය රුවේස් හනීෆා මහතාව නම් කර තිබේ.

කොළඹ නගර සභා බල ප්‍රදේශයේ ජීවත් වන සැමගේ බලාපොරොත්තුව සුපිරි දියුණු නගරයක් නිර්මාණය කිරිම බැවින් ඒ ගමන උදෙස සමගි ජන බලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස ආචාර්ය වෛද්‍ය රුවේස් හනීෆා මහතාව ඉදිරිපත් කළ බවයි සමඟි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ.

ඔහු ජනතාවාදී ජනහිතකාමී පොදුජනවාදී වෘත්තිකයකු බවත් දක්ෂතාව නිපුණතාව හැකියාව කුසලතාව එඩිතරභාවය අධිෂ්ඨානශීලීත්වය ආදී සියලු ගුණාංගයන්ගෙන් සපිරි උගතෙක් බුද්ධිමතෙක් බවත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

දියුණු සෞභාග්‍යසම්පන්න කොළඹ නගරයක්, යටිතල පහසුකම් දියුණු කර නිවාස ගැටලුවට විසදුම් ලබා දෙන ආදායම් මාර්ග නිර්මාණය කරන සුපිරි සංවර්ධනයකින් බැබලෙන කොළඹ නගරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දූෂණය වංචාව හොරකම පිටුදකින නව මුහුණක් නව නායකත්වයක් නව ගමනක් වෙනුවෙන් දක්ෂ පරිපාලකයෙක් උගතෙක් බුද්ධිමතෙක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය කටයුතු කර ඇති බවයි ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...