එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ පුරපති සටනට කිත්සිරි රාජපක්ෂ ??

Date:

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ මහ නගරසභාවේ නගරාධිපති අපේක්ෂකයා වශයෙන් හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ මහතාව නම්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව ආරංචිමාර්ග පවසයි.

මෙම යෝජනාව සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කෙරෙමින් පවතින බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

එජාපයෙන් මරදාන, සුදුවැල්ල කොට්ට්ඨාසය නියෝජනය කරමින් දීර්ඝ කාලයක් තිස්සේ කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කර ඇති කිත්සිරි රාජපක්ෂ මහතා එජාප මැද කොළඹ ආසනයේ සංවිධායකවරයා ද වේ.

එමෙන්ම ඔහු එජාප නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අතිශයින් විශ්වාසවන්ත අයෙකු වශයෙන් ද සැලකේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!

සටහන – පුලී ජනවාරි 07, කොළඹ (LNW): බොහෝ අය දූවිලි...

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...