කොළඹ වරායට ආ ‘MURASAME’නෞකාව

Date:

රෂිකා හෙන්නායක මාර්තු 22, කොළඹ (LNW):

Destroyer වර්ගයට අයත් ‘MURASAME’ නෞකාවක් සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කර තිබෙන බව වාර්තා වේ.මෙය ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බළකායට අයත් නෞකාවක් වේ.

‘MURASAME’ නෞකාව දිගින් මීටර් 151ක් හා නැවේ කාර්යමණ්ඩලය 200ක ගෙන් සමන්විත වන අතර නෞකාවේ අණදෙන නිලධාරී ලෙස, කොමාණ්ඩර් HAYAKAWA Masahiro කටයුතු කරනු ලබයි.

මෙම නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ නැවේ කාර්යමණ්ඩලය දිවයිනේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා සංචාරය කිරීමටද නියමිතව ඇති අතර සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව එළැඹෙන අඟහරුවාදා (25) දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනප්‍රිය වූ විමල් ….

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගතවූ පැය...

විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව...

ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...