වන්නිල ඇත්තන්ට නඩුවක් කියන්න තරම් දෙයක් තියනවද ?

Date:

නෙට්ෆ්ලික්ස් බලන, ෆේෂල් කරන, බර්ගර් කන, වැදි සිංග්ලිෂ් කතා කරන මොඩන් වැද්දෙක් ගැන කතාවක් තමයි Blok & Dino ‘සුදු වලිගේ ඇත්තෝ’ වීඩියෝ එකේ දාල තියෙන්නේ. බැලු බැල්මට නම් එහෙමයි කියන්න තරම් අවුලක් නැහැ. හැබැයි ආදිවාසී ඓතිහාසික අනන්‍යතාව ඇතුලට ගිහිල්ල බැලුවොත් පොඩි සිත් රිදවීමක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ වැද්දෙක්ගේ තැන ඉඳල බැලුවොත් අවුලක් තියෙන්න පුළුවන් අපිට නැති.

සමහර දේශීය සහ විදේශීය සංචාරක අවකාශවල වැදි අනන්‍යතාව විකුණන විදිය සහසුද්දෙන්ම සහ තරමක් නිරුවත්ව නිරූපණය කිරීම නිසා වන්නිල ඇත්තන්ට මේ ගැන සිත් රිදවීමක් වෙන එක ගැන හිතාගන්න පුළුවන්.

අනික බ්ලොක් සහ ඩිනෝත් මේ වීඩියෝව අස්සේ බඩු විකුණන නිසා මේක තනිකර අහිංසක නිර්මානයකුත් නෙවෙයි. ඒ වගේම ලාභ සිනහව වෙනුවෙන් ඇතැම් තැනක නිර්මාණයෙන් සහ කලාත්මක බවින් ඔබ්බට වීඩියෝව ගමන් කරනවා. කොහොමත් ඒ උන්ගේ හැටි.

ඒ තැන් කිහිපයක් විපරීතයි. නඩුවක් කියන්න තරම් නම් දෙයක් නැහැ වගේ. ජයශ්‍රීලගේ මොඩ් ගොවියා සහ ජිප්සීස්ලගේ ඔජායේ උනත් තියෙන්නේ මේ ආසන්නයේ. සමතයක් කරගන්න එක තමයි හොඳ.

~ මහේෂ් හපුගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...

ජ.වි.පෙ.ට මොකද වුණේ ….?

මම තවදුරටත් ජ.වි.පෙ. මතවාද කරගහගෙන යන්නෙක් නොවුනත් වීරවංශව පක්ෂයෙන්...

මොඩියුල සිද්ධියෙන් දරුවන්ට කිසිදු හානියක් වුණේ නෑ. හරිනි වෙනුවෙන් රටේම කාන්තාවන් පාරට බස්සනවා – සමන්මලී

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරනයේදී හඳුන්වාදුන් මොඩියුල පොතක දරුවන්ට...

වැසි තත්වයේ වෙනසක් – අද (13) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...