සෞඛ්‍ය වෘත්තිකයින්ගේ දැවෙන ප්‍රශ්නය ජනපති ගොඩදායි – GMOA වෙතින් ජනපතිට තුති!

Date:

කොළඹ LNW: 2025 අයවැයෙන් රජය සේවක වැටුප වැඩිකිරීම සිදුකර තිබුණද එහි වූ තාක්ෂණික කාරණා මත විශේෂයෙන් සෞඛ්‍ය වෘත්තිකයින් අතර විවාදාත්මක තත්ත්වයක් මතුව තිබුණි.

මූලික වැටුප ඉහළ දමා තිබුණද ඔවුන්ගේ දීමනා කප්පාදුවක් සිදුව ඇති බවටයි සෞඛ්‍ය වෘත්තිකයින් පසුගිය දින කිහිපය තුළම පෙන්වා දෙමින් සිටියේ. ඇතැම් සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩ වර්ජනද ක්‍රියාත්මක කරන ලදී.

කෙසේවෙතත් අයවැය තුනවෙනි වර කියවීමේදී (21) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විවාදයට එක්වෙමින් එම වැටුප ගැටළුව විසඳන ආකාරය ගැන සෘජු පැහැදිලි කිරීමක් කළේය.

ඒ අනුව අද (22) දිනයේදී ජනාධිපතිවරයාගේ එම සාධනීය ප්‍රතිචාරයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය ගෞවරනීය ස්තූතිය ජනාධිපතිවරයා පිරිනමනලදී.

මතු වූ ගැටලුව නිරාකරණය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස කළ යෝජනාව ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති බවත් එය එලෙසින්ම පාර්ලිමේන්තුවේදී පැවසූ බවත් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනප්‍රිය වූ විමල් ….

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගතවූ පැය...

විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව...

ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...