මේ බලය ගත්තේ ආපහු දෙන්න නෙවෙයි. අවුරුදු පහක් යනකොට සෙල්ලම් දාන ඔක්කොගේම සෙල්ලම් ඉවරයි – ඇමති ටී. බී.

පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ සංස්කෘතිය ඉදිරි වසර පහ තුළ සම්පූර්ණයෙන්ම නවත්වන බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.

“මේ බලය ගත්තේ නැවත අත්පත් කරලා දෙන්න නෙවෙයි. අපේ රටේ ම්ලේච්ඡ සංස්කෘතියක් නිර්මාණය වෙමින් යනවා පාතාල ලෝකය කියලා. රටේ අපරාධ නවත්වනවා, රටේ කුඩු සෙල්ලම නවත්වනවා. දවස පතා මිනීමරණ අපරාධ සංස්කෘතිය නවත්වනවා. අපි බලමු අවුරුදු පහක් යනකොට සෙල්ලම් දාන ඔක්කොගෙම සෙල්ලම් කොහොමද නවත්වන්නෙ කියලා. පොලිස්පති අපරාධකාරයෙක්, ඒ පොලිස්පති අල්ලගත්තෙ නෑ කියලා මෙතන අපට බනිනවා. දවස් 20න් බාරවුණු එක ලොකු දෙයක්. මිනිහා පොලිස්පති, මිනිහා දන්නවානෙ හැංගෙන්න. එයා හැංගුණාම අල්ලන්න අමාරුයි තමා ඉතින්”

ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (මාර්තු 22) පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට පත් කළ විශේෂ කමිටුව රැස්වෙයි!

කොළඹ LNW:ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක...

පාඩු පිට දිව්ව තැපෑල රුපියල් මිලියන 15,000 ක ආදායම් ඉලක්කය කරා යයි!

කොළඹ LNW:අද (09) දිනට යෙදෙන ලෝක තැපැල් දිනය වෙනුවෙන්...

ඉන්ධන සැපයුම අඩුකරමින් පාරිභෝගිකයින් පීඩාවට පත් කළොත් පෞද්ගලික සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නවා – අනුර

මෙරට ක්‍රියාත්මක පෞද්ගලික ඉන්ධන සමාගම් දිගින් දිගටම ඉන්ධන සැපයුම...

ශ්‍රීලංකන් එයාර්ලයින්ස් රියාද් ගුවන් ගමන් ඔක්. 18 දක්වා අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : රියාද් ගුවන් තොටුපළට...