ජනාධිපති ට්‍රම්ප් විසින් ජෝ බයිඩන්, කමලා හැරිස් සහ අනෙකුත් ඉහළ පෙළේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ට රාජ්‍ය තොරතුරු වෙත ප්‍රවේශය සිමා කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජෝ බයිඩන්, කමලා හැරිස් සහ අනෙකුත් ඉහළ පෙළේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ට රාජ්‍ය තොරතුරු වෙත ප්‍රවේශවීම සිමා කිරීමට නව ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බව වාර්තා වේ.

මෙම තොරතුරු වෙත ප්‍රවේශය රාජ්‍ය සේවයෙන් ඉවත් වූ පසු හිටපු ජනාධිපතිවරුන්ට සහ සමහර නිලධාරීන්ට සාමාන්‍යයෙන් ලැබෙන වරප්‍රසාධයක් වන අතර රහසිගත තොරතුරු වෙත ප්‍රවේශය සීමාකළ අය අතර හිටපු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්, හිටපු වයෝමිං නියෝජිත ලිස් චෙනී, හිටපු ඉලිනොයිස් නියෝජිත ඇඩම් කිංසින්ගර් සහ ට්‍රම්ප්ට වංචා සම්බන්ධයෙන් නඩු පැවරූ නිව්යෝර්ක් නීතිපති ලෙටිටියා ජේම්ස් මෙන්ම බයිඩන්ගේ මුළු පවුලම ආවරණය කරයි.

2021 වසරේද හිටපු ජනාධිපති ජෝ බයිඩන් විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවිදිමත් හැසිරීම හේතුවෙන් රහසිගත ලේඛන වෙත ප්‍රවේශ වීම තහනම් කර තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔහේ තියෙන “ගස්” ආර්ට් එකක් වෙන හැටි!

සටහන – පුලී දෙසැම්බර් 15, කොළඹ (LNW): මෙක්සිකෝවේ ස්මාරක ලී...

පක්ෂ බේදයකින් තොරව විපතට පත් පවුල් වලට ආධාර කිරීමයි මගේ අරමුණ – නාමල්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ගංවතුරින් සහ නායයාමෙන්...

බොස්නියාවේ යුද්ධයට වසර 30ක් : ඒ අමිහිරි සිදුවීම් සිදු වූයේ කෙසේද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බොස්නියාව සහ හර්සගොවිනා...

මෙම ජාතික ප්‍රයත්නයේදී පෞද්ගලික අංශයේ සහයෝගය අපි බෙහෙවින් අගය කරමු – නියෝජ්‍ය අමාත්‍ය චතුරංග

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දිට්වා සුළි කුණාටුවෙන්...