පදක්කම් නැතත් ශ්‍රී ලංකාවට වාර්තා

Date:

නිශ්මං රණසිංහ

කොළඹ 23 LNW :

ලෝක ගාහස්ත මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 400 පිරිමි සහය දිවීම තරගයෙන් ශ්‍රී ලංකාවට අත් වුණේ කණ්ඩායම් පහක් අතරේ පස්වන තැනයි.එහෙත් ලෝකයේ තරගකාරීම කණ්ඩායම් අතර සිටිමින් තරගයට සහභාගි වූ සිව්දෙනා ගෘහස්ථ සහය දිවීමේ තරගයකට පළමු වරට තරග කරමින් එම ඉසව්වට අදාළව ලාංකිකයන් විසින් වාර්තා කරන ලද හොඳම කාලය වාර්තා කරන්නට සමත් වුණා.විනාඩි 3;10.58 ක් වූ එම වාර්තාව සමඟ එහි පැරණි වාර්තාව පිහිටුවා තිබූ ප්‍රසන්න අමරසේකර,රෝහිත පුෂ්පකුමාර,ශිවන්ත වීරසූරිය සහ අශෝක ජයසුන්දර තබා තිබූ විනාඩි 3:11.29 ක් වූ වාර්තාව බීදී යනවා.ප්‍රසන්න,රෝහිත,ශිවන්ත සහ අශෝක මෙම වාර්තාව තබා ඇත්තේ 2007 වසරේදී මැකාවෝ හී පැවති ආසියානු ගෘහස්ත ක්‍රීඩා උළෙලේ දී යි.‍

නව වාර්තාවේ හිමිකාරීත්වය කාලිංග කුමාරගේ,සදෙව් රාජකරුණා,සචින්තන සිල්වා සහ රන්දිම මධුශාන් වෙත හිමි වෙනවා.මෙම තරගයේ පළමු ස්ථානය ඇමෙරිකාව පහසුවෙන් දිනා ගත් අතර දෙවන තැන හිමි වුණේ ජැමෙයිකාවටයි.හන්ගේරියාව තෙවන තැන දිනා ගත් අතර සිව්වන තැන දිනා ගත් චීනය ද නව චීනයට අදාළ නව ජාතික වාර්තාවක් බිහි කිරීම කැපී පෙණුනා.

කාන්තා මීටර් 400 කණ්ඩායම ශ්‍රී ලංකා ඉතිහාසයේ ජාත්‍යන්තර ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියන මිටර් 400 ඉසව්වකට පෙනී සිටි පළමු අවස්ථාව මෙම තරගයේදී වාර්තා වුණා.එහිදී ශ්‍රී ලංකාව හර්ෂනී ප්‍රනාන්දු,ජයේෂි උත්තරා,නදීශා රාමනායක සහ ලක්ෂිමා මෙණ්ඩිස් වෙතින් නියෝජනය වූ අතර ඔවුන් වාර්තා කරන ලද විනාඩි 3:40.62 ඉතිහාසයට එක්වන්නේ එම ඉසව්වකට ලාංකේය ක්‍රීඩිකා කණ්ඩායමක් වාර්තා කළ හොඳම කාළය හැටියටයි.

කාන්තා තරගයේදී ද පළමු තැන ඇමෙරිකාව දිනා ගත්තා.පිළිවෙලින් දෙවන සහ තෙවන තැන පෝලන්තයට සහ ඔස්ට්‍රේලියාවට හිමි වුණා.එහි දී ද ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිට සිව්වන තැනට තරගය අවසන් කරන්නට සත්කාරක චීනය සමත් වුණා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...